(දසුන් රාජපක්ෂ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ බාර වීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය ලබන 19වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) නියෝග කළේ ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇනියක් ප්‍රතිස්ථාපනය කිරීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම හෝ අල්ලසක් ලෙස ලබාගෙන මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවින්ද්‍ර හේවාපතිරණ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මෙම යුවල අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගෙන තිබුණේය.
ඒ අනුව සැකකාර යුවළ අද අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කරුණු දැක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් තුසිත් මුදලිගේ මහතා දෙවැනි සැකකාරියගේ ගිණුමකින් මුදල් බැර කළ ගිණුමක් හිමි පුද්ගලයෙකු මෙරට තුළ සිටින බව ද ඔහු සහ ඔහුගේ ගිණුම් සම්බන්ධයෙන් ඉතා රහසිගත මට්ටමෙන් විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒවාට බාධා නොවීමට සැක යුවළ රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.
සැක යුවල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුහෙට්ටි මහතා කරුණු දක්වමින් 2013 වසරේදී ආරම්භ කළ මේ විමර්ශනයට සිය සේවාදායකයන් හැකි සෑම අවස්ථාවක දී ම උපරිම අයුරින් සහයෝගය දක්වා ඇති බව සඳහන් කළේය .
ඉදිරි විමර්ශන කටයුතු වලට ද එ ලෙසින් සහය දක්වන නිසා ඔවුන් දෙදෙනා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැක යුවළ ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයගේ රජය නීතිය සැමට ක්‍රියාත්මක කරන බව නිදහස් දිනයේදී ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළේය.
බලාගෙන ඔය දෙන්නට රිමාන්ඩ් එකේදිම වැඩක දුන්නොත් අනිවාර්යයෙන්ම අරයා සුනාමියා...............
ලංකාවේ ලොකුම හොරා සුනාමි හොරාවත් දවසකටවත් කුඩුවට දාන්න තිබුනානම් කොච්චර හොඳද?
ඔය ඩොලර් මිලියන දෙක බෙදාගනිද්දී, වැඩි කොටසක් ගනිපු "ලොකු දේශපාලන මහත්වරුන්" තවම පවතින ආණ්ඩුවේ ඉහලම තලවල ඉන්නවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පස්සේ, ඔය ජෝඩුව එලියේ. පව් රටේ දුප්පත් මහජතවගේ සල්ලි. කොහොමහරි මහ මැතිවරණයේදී ඒ "හොර සෙට් එකම" පත් කර ගන්න. එතකොට ඉතුරු ටිකටත් ගේම දීගන්න පුලුවන්.
උපුටා ගැනීමකි. ඔබගේ කතාව 100%ක් නිවැරදිය. නාමල් සහ පොහොට්ටුවේ ගෝඨාභය පත්කරපු කණ්ඩායම කියන්නේ පසුගිය රජයෙන් අල්ලපු හොරෙක් නැතිබවයි. ඔන්න දැන් රාජපක්ෂ සමාගමේ හොරු රාජපක්ෂලාටම අල්ලා ගැනීමට අවස්ථාව පැමිණ තිබේ. ගෝඨා සිදුව තිබෙන්නේ රාජපක්ෂ පවුල රකිනවාද නොඑසේනම් රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නවද නොඑසේ නම් තුනෙන් දෙකක් ලබාගෙන අධිකරණය ගෝඨාට කැමති ආකාරයට තීන්දු දීමට සලස්වා ගන්නවද? තුනෙන් දෙක ඉල්ලන්නේ කුමටද කියා දැන් ජනතාවට හොඳින් තේරුම් යනු ඇත...
බලන්න ලස්සන හොඳ වැදගත් කපල් එකක් නේද? මහා පරිමාණ හොරකමක් කරලා තියෙන්නේ.
දැන් ඔය රහසිගතව හොයන අනිත් ගිනුම් හිමියා මේ විස්තර දැන ගන්නෙ නැද්ද ?
බලන්න මෙයාලගේ මුහුණ. කිසි ලැජ්ජාවක් නැහැ.
මොනවා උනත් ඉදිරිපත් වීම ලොකු දෙයක්. හොරකම් කරන අයට හොද ආදර්ශයක්.
මොනතරම් අහිංසක කාන්තාවක් ද මේ කාන්තාව නොදැන තමන්ගේ ගිණුමට කව්රුහරි මුදල් දැම්මා කියලා අත් අඩංගුවට ගත්තේ මෙතුමියගේ බැංකු ගිණුම් අංකය දෙන්න ඇත්තේ ස්වාමියා වෙන්න ඇති
අදින්නා දානා වේරමණී ගාථාව පැත්තකින් තියලා දෙන්නම හොඳට ඇදල තිබෙනවා දැන් විඳවපල්ලා. නැත්නම් වමාරපල්ලා කිව්වලු...