(ඩයනා උදයංගනී)
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
එම කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමේ උත්සවය කතානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද පැවැත්විණි.
රජයේ ගිණුම් කාරක සභාව මීට වසර 96කට පෙර එනම් 1923 දී ආරම්භ වී ඇති අතර එය මාධ්‍ය වෙත විවෘත කෙරුණේ මුල්වරටය.
රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය සොයාබැලීම සඳහා 2015/2016 වසරවල ගිණුම් කටයුතු පරීක්ෂාව අද (21 )එහිදී සිදුවිය.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) රැස්වීම් ද ඉකුත් සතියේ සිට මාධ්‍යයට විවෘත කෙරිණි.



( ඡායාරූප චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බදියුදීන්ට අත නොතබනු" මෙතනත් ඉන්නවනේ...
මේ ගොල්ලෝ කාරක සභාවල වැඩේවත් හරියට කරනවද දන්නේ නැහැ. රටට නම් කරන මගුලක් නැහැ..