
(යොහාන් භාසුර)
‘කෝප්’ කමිටුවේ නිර්දේශ ඉතාම නිවරදිව ඉතා ඉක්මණින් නඩු ක්‍රියාමර්ගවලට ගොස් නීතියම ක්‍රියාවේ යෙදවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බවත් වර්තමාන රජය ඒ සඳහා දැඩි උනන්දුවක් සහ අවධානයක් යොමුකර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (11) පැවසීය.
කෝප් කමිටුවේ තීරණ පිළිබඳව ඉතාමත් ඉක්මණයට ක්‍රියාත්මක වන මට්ටමට අධිකරණ හරහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර තිබූ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ‘කෝප්’ කමිටු තීන්දු පසුගිය කාලයේ කඩදාසි වලට පමණක් සීමා වී තිබූ බවත් සඳහන් කළේය.
‘කෝප්’ කමිටුවේ නිර්දේශවලට පසුගිය කාලයේ කළ වැරදක් වීමට ඉඩ නොතැබීමට වර්තමාන රජය කටයුතු කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවේදී වසන්ත යාපා බණ්ඩාර මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා දන්නේ වහලේ උළු උඩ යන් කෑගහන්න විතරයි.
කෝප් කමිටුවේ තීරණවලට ක්‍රියාමාර්ග ගන්නවාට වැඩිය ඒවායේ සභාපතිවරු තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගැනීම තමයි නිතරම සිද්ධ වුනේ...!