
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) රාජ්‍ය ආයතනවල දුෂණ සහ ඒවාට සම්බන්ධ ප්‍රධානීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බලතල ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව එම කමිටු දෙකට එකී බලතල ලබාදීම සඳහා ස්ථාවර නියෝග ළඟදීම සංශෝධනය කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ස්ථාවර නියෝග සංශෝධනය කිරීම අනුමත කිරීම සඳහා යෝජනාවක් ස්ථාවර නියෝග කාරක සභාවට යොමු කිරීමටද පාර්ලිමේන්තුවේ අනුමැතිය පෙරේදා ලැබිණ.
රාජ්‍ය ආයතනවල දූෂණ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපතිවරයාට පැමිණිලි හෝ නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලයක් මේ දක්වාම නොතිබිණ.
මේ අනුව පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩු දුන් පරීක්ෂණ ගණනාවකම තොරතුරු කෝප් සහ කෝපා කමිටු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට ඉදිරි දිනවල යොමු කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ මහත්තුරු, ස්වාමියෝ තව බයවෙනවා. මට බේරෙට පැනලා පීනන්න හිතෙනවා.
කෝප් කෝපාවේ විමර්ශන වලින් හෙළිවන මහා පරිමාණ ව්‍යාපෘති වල කෝට් ප්‍රකෝටි ගණන් වල හොරකම් සම්බන්ධ අයට දැඩි දඬුවම් දීමට අල්ලස් කොමිසම සමග සම්බන්ධ කිරීම මාලිමා රජය ගත්ත මහඟු කටයුත්තක්. අපි මාලිමාවට ඡන්දය කෝටියක් වටිනවා.
ගැලරිය සතුටු කිරීම උපරිමයෙන් කල හැකි කටයුත්තක් මෙන්ම මාලිමා ඡන්දායකයින් බහුතරයක් සතුටු කල හැකි කටයුත්තක්.