(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමගම අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව )සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ( කෝපා කමිටුව)ඇතුළු කාරක සභා අටකට නව සාමාජිකයන් අද (8) පත් කෙරිණ.

මෙම කාරක සභා ඉදිරි දිනවල රැස්වී  එම කමිටු සඳහා සභාපතිවරුන්  තෝරාපත් කර ගැනීමට නියමිතය.

මෙම සාමාජික නාම ලේඛන නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.

මෙසේ පත් කරනු ලැබ ඇති සෙසු කාරකසභා වන්නේ  මහජන පෙත්සම් කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව,ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කාරක සභාව ආචාරධර්ම වරප්‍රසාද පිළිබඳ කාරක සභාවයි.

මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා පත්කරෙනු සාමාජික මන්ත්‍රීවරුන් වන්නේ  මහින්ද අමරවීර මහින්දානන්දඅලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන සරත්  වීරසේකර ජගත් පුෂ්පකුමාර, ආචාර්ය හර්ෂ ද සිල්වා ජයන්ත  සමරවීර, ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ නාලක ගොඩහේවා රවුෆ් හකීම්  ඉරාන් වික්‍රමරත්න සුසිල් ප්‍රේමජයන්ත අනුර දිසානායක  පාඨලී චම්පික රණවක, නලීන්  බණ්ඩාර, එස්.එම් මරික්කාර්,ප්‍රේමනාත් දොලවත්ත, මධුර විතානගේ,සාගර කාරියවසම්,  මහාචාර්ය චරිත හේරත් සහ එස් රාසමානික්කම්ය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් ලෙස උදය ගම්මන්පිල දුමින්ද දිසානායක දයාසිරි ජයසේකර ලසන්ත අලගියවන්න සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ශෙහාන් සේමසිංහ ප්‍රසන්න රණවීර, තිස්ස අත්තනායක මහාචාර්ය තිස්ස විතාරණ හරීන් ප්‍රනාන්දු නිරෝෂණ  පෙරේරා, අශෝක් අබේසිංහ බුද්ධික පතිරණ කාදර් මස්තාන්  එම් මුසම්මිල් හේශා විතානගේ උපුල් ගලප්පත්ති සහ එස්.සිරිතරන් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.