IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කඳුළෙන් සිතුවම් කරන කාව්‍යා අන්ජලී

(නිමල් ජයරත්න)

විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස චිත්‍ර අඳින දක්ෂ දියණියක් පොළොන්නරුවල වැලිකන්ද කාලිංගවිල ගම්මානයෙන් අපට හමුවිය.

රාත්‍රී කාලයේ දී ගෙවත්තට එන වන අලින් රතිඤ්ඤා දමා පලවා හරිමින් නැවතත් පොල්තෙල් පහනේ ආලෝකයෙන් චිත්‍ර අදින්නීය.

මෙලෙස බාධක දුක් කම්කටොලු මැඬ ගනිමින් අපූරු චිත්‍ර මවන්නේ වැලිකන්ද කාලිංගවිල අංක 12 ජී ලිපිනයේ කේ.ජී. කාව්‍යා අන්ජලී දියණියයි, අසේලපුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට පෙනී සිටින ශිෂ්‍යාවකි.

ඇයගේ පියා කුලී වැඩ කරමින් සිටින අතර මව විවිධ බාධක මැද කුඩා නිවෙසේ තවත් දියණියක සහ මව සමග ජීවත් වන්නීය, අසේලපුර මහා විද්‍යාලයේ චිත්‍ර විෂය සඳහා ගුරුවරයකු ද නොමැතිව තම කලා හැකියාව අනිත් සහෝදර සිසුන්ට චිත්‍ර කලාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි.

කාව්‍යා අන්ජලී දියණිය චිත්‍ර කලාවෙන් කලාප, පළාත් මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙන අතර ඇයට හරිහැටි චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය තීන්ත වර්ග, චිත්‍ර පොත්, මෙන්ම අනෙකුත් පහසුකම් නොමැති වීම ද ප්‍රධාන ගැටලුවකි.

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත ඇඳීමට තරම් කාව්‍ය අන්ජලී ශිෂ්‍යාව චිත්‍ර කලාවෙන් ඉදිරියට ගොස් හමාරය.

වර්ෂා දිනවල දී ඇද හැලෙන වැහි වතුර ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ගලා එන විට තම මිත්තණිය සමඟ අන්ජලී වැහි වතුර නැවත 'මිදුලට දැමීම සඳහා මහා සටනක් කරන්නීය.

මම කැමතියි චිත්‍ර ඇඳලා ලොකු වෙනකොට අපි වගේ දුප්පත් අසරණ අයට උදව් කරන රස්සාවක් හොයා ගන්න. අපේ අම්මට තාත්තට හරි හමන් රස්සාවක් නැති නිසා මගේ මේ කලා හැකියාවන්ට උදව් පදව් කරන්ඩ ආර්ථික ශක්තියක් නෑ.

අපේ පාසලේ චිත්‍ර ගුරුවරයෙක් නැතිව තමයි මම මේ තරම් ඉහළට ගිහිල්ලා ඉන්නේ. මම තමයි අපේ පාසලේ අනිත් ළමයින්ටත් පුළුවන් විදිහට චිත්‍ර අදින්න උදව් කරන්නේ. ඒත් මට චිත්‍ර අඳින්න හරිහැටි හොඳ චිත්‍ර පොත් තීන්ත වර්ග නෑ. ඒ වගේම ගෙදරට ලයිට් නැති නිසා පොල්තෙල් පහනේ එළියෙන් තමයි චිත්‍ර අඳින්නේ. වල් අලි ගෙවත්තට ආවට පස්සෙ රතිඤ්ඤා දාලා වල් අලි එළවලා ආයෙත් ගෙට ඇවිල්ලා මම චිත්‍ර අඳින්න පටන් ගන්නවා. මේ ප්‍රදේශයට තියෙන ලොකු ගැටලුව තමයි වන අලි ගැටලුව. වැලිකන්දේ අපි වන අලින්ගෙන් විඳින පීඩාවන් ගැනත් මම චිත්‍ර ඇඳලා අදාළ තැන්වලට යවලා තියෙනවා. ඒත් එව්වට පිළියම් නෑ. කාව්‍ය අන්ජලී දියණිය දෑසේ කඳුළු පුරවා ගනිමින් ඇයගේ සංවේදී කතාව එලෙස දිග හැරියාය.

බොහෝ පිරිසකගේ ඉල්ලීමට අනුව අංජලී දුරකතන අංකය සහ අප වාර්තාකරුගේ අංකය ලබා දෙන්නෙමු. අංජලී 0772797149  අප වාර්තා කරු 075 56272787 

 



අදහස් (26)

කඳුළෙන් සිතුවම් කරන කාව්‍යා අන්ජලී

මහසෙන් Wednesday, 08 February 2023 08:56 PM

වගකිවයුත්තන්ගේ දෑස් ඇරේවා!!!ඒ ප්‍රාර්ථනය පමනයි මේ මොහොතේ කල හැක්කේ දුවේ.

:       0       25

Bandula Herath Wednesday, 08 February 2023 09:43 PM

මම, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී Air Vice Marshal Bandula Herath. මට අවශ්‍යයි එම දරුවාට උදවි කරන්න. මට එම දුවව සමිබන්ධ කර දෙන්න

:       0       58

අප්පුහාමි Thursday, 09 February 2023 05:16 PM

බන්දුල මහතානෙණි, මේ විස්තරයේ තියෙනවා එම දියණියගේ නම හා ලිපිනයත් ඇයගේ පාසලේ නමත් පැහැදිලිව. මමත් ඒ අනුව ඇයට උදව්වක් කරන්න බලාපොරොත්තුව ඉන්නවා... ඔබතුමාටත් එහෙම කරන්න පුළුවන් වේවා කියලා පතනවා...!

:       0       1

sampath Wednesday, 08 February 2023 11:04 PM

රටේ ධනය මංකොල්ල කමින් පොඩි බෙදාගෙන දඟලන අයට මේවා පෙන්නේ නෑ .හැකි හැමෝම රුපියලකින් හරි උදවු උපකාර කරමු .මේ දරුවෝ තමයි අපේ අනාගත්යා .ලෝකය .මේ දරුවන් ඔපමට්ටම් කරලා රටට ප්‍රයෝජනයක් නොගෙන කුමන යහපත් අනාගතයක්ද. ගිණුම් අංකයක් දෙන්න පුළුවන්ද . උපකාරයක් කරපු

:       0       22

Susil Wimalachandra Wednesday, 08 February 2023 11:07 PM

ඇයගේ දක්ෂතාවයට ආධාර කිරීම සඳහා මූල්‍යමය වශයෙන් උපකාර කිරීම සඳහා කරුණාකර සම්බන්ධතා අංකය එවන්න.

:       0       22

මහේෂ් Wednesday, 08 February 2023 11:40 PM

දියණියනි ඔබ‍ට හොඳ අනාගතයක් තියෙනවා. සුබ පතනවා මේ වගේ දුෂ්කර පරිසරයක ඉඳලා මේවගේ නිර්මාණ කිරීම ගැන.

:       0       21

Chandika Wavegedara Thursday, 09 February 2023 12:18 AM

මම ඇයට සහ පවුලට සහයෝගය දැක්වීමට කැමතියි. කරුණාකර කිසියම් සම්බන්ධතා විස්තරයක් මට දන්වන්න. ඔයාට ස්තූතියි.

:       0       16

සුනිමල් Thursday, 09 February 2023 05:20 PM

මහත්තයෝ, ඔබතුමාට දැරියට උදව්වක් කරන්න අවංක උවමනාවක් තියෙනවා නම් දැරිය ගැන තියෙන ලිපියේ කරුණු ගැන සිහිබුද්ධියෙන් කියවා බලන්න.. එතකොට තේරුම්ගන්න පුළුවන් වෙනවා කොහොමද උදව්වක් කරන්න පුළුවන් කියලා...?

:       0       1

Nihal S Thursday, 09 February 2023 01:48 AM

අපි ඇයට උදව් කරන්නේ කෙසේද?

:       0       15

සරත් kooragama Thursday, 09 February 2023 02:02 AM

කරුණාකර මේ අයට උදවු වක් කරන්න ලිපිනය හෝ telephone number එක එවන්න සරත් kooragama London

:       1       20

S.V. Kariyawasam. Thursday, 09 February 2023 02:29 AM

නියම වැඩක්, අපි ඔබට දිනුම් ඇදීමේ කට්ටලයක් එවන්නම්, ඔබට අංකයක් තිබේ නම්, ඔබට එය එවන්න, එවිට මට එය ඔබට එවන්න. ස්තුතියි

:       1       6

අසාධාරණ Thursday, 09 February 2023 05:52 AM

කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉන්නෙ මහා උද්ධච්ඡ අධ්‍යක්ෂිකා දෙන්නෙක් කියලා කියන්න පුළුවන් මොකද සහතිකයක් අත්සන් කරද්දී තමන්ගෙ නමට කිසිවෙක් මයා/මිය/මෙනෙවිය කියලා දාන්නෙ නැහැ ඒ දෙන්නම ඒක කරල තියෙනවා එහෙම අයට කෙනෙකුට උදව්වක් කිසිවිටක බැහැ දුවේ ඔබේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකවේවා.

:       0       15

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 February 2023 09:23 AM

මේ දක්ෂ ප්‍රතිභාපූර්ණ දියණියගේ තොරතුරු ඇසුවාම දුටුවාම නෙතට කඳුලක් නැගුණා.නිදහස් දිනය වෙනුවෙන් බොරු සංදර්ශන පවත්වා විනාශ කරන ලද මුදලින් මේවැනි පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබුණා නේද කියලා හිතෙන්නේ මට විතරද ? නැහැ හදවත් සංවේදී අය තවත් ඕනෑතරම් ඇති.

:       0       18

අනුර Thursday, 09 February 2023 10:55 AM

උදව් කරන්න කැමතියි.චිත්‍ර ඇදීමට අවශ්‍ය උපකරණ ලබා දී චිත්‍ර මිල දී ගන්නම්. සම්බන්ධ විය හැකි ක්‍රමයක් සලසා දෙන්න

:       0       15

අරුණ ශාන්තThursday, 09 February 2023 10:05 PM

අංජලී 0772797149 අප වාර්තාකරු 075 56272787

:       0       2

n.r. hettige Thursday, 09 February 2023 10:56 AM

මට ඇයට උදව් කිරීමට අවශ්‍යයි

:       0       8

අසාධාරණ Thursday, 09 February 2023 11:28 AM

ඇත්තටම මෙහෙම ලිපි පලකරනකොට එහෙම අයට උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරනවානම් හෝ වාර්තාව ලියූ කෙනෙක් සම්බන්ධීකරණ කටයුතු කර එහෙම අයට උදව්වක් කරන ක්‍රමයක් ලංකාදීප මගින් කරනවානම් කොපමණ හොදද.පසුගිය කාලයේ නිවාස හදද්දී පර්චස් පහක් දහයක් දීලා ගෙවල් හදන අතරේම මෙහෙම දරුවොත් තෝරාගෙන නිවාස හදල දුන්නනම් උත්සවයක් තියල කයිවාරුවක් ගහන්න බැරිවෙනවානේද

:       0       16

Sunil Pathirana Thursday, 09 February 2023 12:08 PM

දුවගේ චිත්‍ර හරිම ලස්සනයි. හරිම දක්ෂ දරුවෙක්... හැමෝම එකතු වෙලා මේ දරුවට උදව් කළා නම් හොඳයි.

:       0       1

fairoos Thursday, 09 February 2023 01:15 PM

දියණියනි, ඔබ‍ට හොඳ අනාගතයක් තියෙනවා. සුබ පතනවා.. මේ රට හොරාකාලා මේ තත්වෙට පත්කරපු කාලකණ්ණින්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       0       1

kumara Thursday, 09 February 2023 01:16 PM

සහතික පත්‍රෙය් තියෙන තොරතුරු පාවිච්චියෙන් උදව් කිරීමට සැබවින් අවශ්‍ය අයට තොරතුරු සොයාගත හැකියි කියලා මට හිතෙනවා. ට්‍රයි කරලා බලන්න.

:       0       1

Ishantha Thursday, 09 February 2023 01:35 PM

මාත් කැමතියි උදවු කරන්න, කොහොමද සම්බන්දකර ගන්නෙ. ඔබට පුතේ සුබ අනාගතයක් පතනව.

:       0       5

Hemantha Thursday, 09 February 2023 01:44 PM

මේ දරුවගෙ ගිණුම් අංකයක් හෝ සම්බන්ද කරගතහැකි අංකයක් ලබාදෙන්න.

:       0       5

SUNIL MILANO Thursday, 09 February 2023 03:31 PM

කරුණාකර මේ දුවගේ ලිපිනයත්, දුරකථන අංකයත්, ගිණුම් අංකයත් පලකරන්න. මෙවැනි විශේෂිත දේවල් පලකරන ලංකාදීප පුවත්පතට බෙහෙවින්ම ස්තුතියි.

:       0       1

C.K.Lankaputhra Thursday, 09 February 2023 04:36 PM

අපි නොමසුරුව උදව් කරමු...!

:       0       0

ගමේ එකාලා Thursday, 09 February 2023 06:29 PM

මැදමූලනේ ඉන්න බොරු රොකට් කාරයා වගේද? මෙන්න නියම වැඩ්ඩෝ? අපි ඔබට ජයෙන් ජයම පතනවා...

:       0       1

ජයේ Saturday, 11 February 2023 02:36 PM

දැක්කීමයි, දැක්වීමයි දෙකක් දුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 29 32 0

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක් පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීම


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 29 238 0

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.


කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
2024 අප්‍රේල් මස 29 276 1

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 529 4

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 523 5

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 450 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1611 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site