IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඳුළු ගෑස් ගැන තොරතුරු දීම පොලිස්පති යළි ප්‍රතික්ෂේප කරයි

(යොහාන් භාසුර)

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදී ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

තොරතුරු කොමිෂන් සභාව එලෙස ප්‍රශ්න කළේ කල් ඉකුත් වූ කඳුළු ගෑස්, උද්ඝෝෂණවලට එල්ල කරන ලද කඳුළු ගෑස් සහ කඳුළු ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු ජයවර්ධන මහතා  තොරතුරු ඉල්ලීමකට අදාල ඉදිරිපත් කළ අභියාචනයක් තෙවැනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේදීය.

තොරතුරු කොමිෂන් සභාව හමුවේ පසුගිය අවස්ථාවේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගි වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා දින 10 ක් ඇතුළත තොරතුරු ලබාදීමට පොරොන්දු වූවද ඔහු සැප්තැම්බර් 17 වැනිදා එම තොරතුරු එකතු කරගැනීම සඳහා පොලිසියේ සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමු කර ඇති බවත් එලෙස යොමු කර තිබියදී පොලිස්පතිවරයා සැප්තැම්බර් 30 වැනිදා ලිපියක් යොමුකරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීති උපදෙස් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර මහතා ප්‍රකාශ කළේ එම තොරතුරු ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට හානියක් වන බැවින් පොලිස්පතිවරයා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පොලිස්පතිවරයා වෙනුවෙන් පැමිණි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා එම තොරතුරු ලබාදීම කොමිසම හමුවේ එකඟතාවය පළ කර තිබියදී සහ එම තොරතුරු එකතු කර ගැනීම සඳහා ලිපි පවා නිකුත් කර තිබියදී මෙලස යළිත් වරක් තොරතුරු ලබාදීම පත්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්දැයි කොමිෂන් සභාව කළ විමසුමේදී, පොලිස්පති නියෝජනය කරන නිලධාරීන්ගේ සැලකිරීම් පරස්පර බව ද සඳහන් කළේය.

මෙම අභියාචනා විභාගයට තරිඳු ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා සහ නීතිඥ මනුෂිකා කුරේ යන මහත්ම මහත්මීහූ පෙනී සිටියහ.



අදහස් (7)

කඳුළු ගෑස් ගැන තොරතුරු දීම පොලිස්පති යළි ප්‍රතික්ෂේප කරයි

sharm warn Friday, 07 October 2022 11:17 AM

කටක් ඇරලා කියන්න බැහැයිලුද? අසරණ මිනිස්සුන්ට ගහන්නේ ත්‍රස්තවාදීන්ටවත් පාවිච්චි නොකළ රසායනික අවි ගාණට වැටෙන කල් පැනපු කඳුළු ගෑස් කියලා...? මානව හිමිකම් සුරකින්නද ඒවායේ විස්තර හංගගෙන ඉන්නේ...?

:       5       218

ලුම්බිණි Friday, 07 October 2022 11:32 AM

ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට හානියක්? මොන බයිලයක්ද ඒ?

:       3       118

udara Friday, 07 October 2022 12:43 PM

කල්පැනපු කදුළු ගෑස් ගහපුවයි, මේ ආර්ථික අර්බුද අස්සේ කදුළු ගෑස්වලට වියදම් කරපුවයි කටක් ඇරලා කියන්නේ කොහොමද? පොලිසියේ වැරදි නිකන්ම ඔප්පු වෙනවනේ...

:       5       102

dayan Friday, 07 October 2022 01:02 PM

මේ පුද්ගලයා රටේ නීතියටත් ඉහළින් යන්න හදනවද?

:       3       84

Rexi Friday, 07 October 2022 02:33 PM

සදාකල් මෙහෙ ඉන්න ආපු කෙනෙක් වගේ ,මෙලොවටත් වැඩක් නැති එලොවට පිනක් කරගන්න බැරි කෙනෙක් වගේ .බලය හින්දා ඔලුව උදුම්මවාගෙන වගේ .හැබැයි රිටයර් වෙන කාලයක් එනවා කියලා හිතා ගන්නවානම් හුනග්ක් හොඳයි

:       2       9

swene Friday, 07 October 2022 04:12 PM

මෙයින් පෙනෙනවා වැරැද්දක් කර ඇති බව. තමන් හරි නම්, සැඟවීමට යමක් නැත්නම් ඇයි හෙළි කිරීමට බැරි...?

:       0       2

විපරමා Friday, 07 October 2022 05:33 PM

නොමැරී සදහටම පොලිස්පති වෙලා ඉන්න ආපු කෙනෙක් වගේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site