(ශාන්ත චන්ද්‍රසිරි)

ගෙවී ගිය 2021  වසරේදී මධ්‍යම පළාත තුළ කඳුකර කොටියන් 7 දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

ආගරපතන, බෝපත්තලාව, දික්ඔය, මුල්ඔය, රජ්ජම්මන, කැනියෝන්  සහ මහගලහින්න යන ප්‍රදේශවලදී මෙම කඳුකර කොටියන් මිය ගොස් ඇතැයිද එම නිලධාරීහු කියති.‍

සෑම වසරකම කඳුකර කොටියන් රැසක්  විවිධ වු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ මිය යන බවත්, සතුන් දඩයම් කර ගැනීමට අටවන ලද කම්බි මදුවලට හසුව එම සතුන්ගෙන් වැඩි බහුතරයක් මියයන බවත් වනජීවී නිලධාරීහු පවසති.

කඳුකර කොටියන් හා වන සතුන් ඉලක්ක කර ගනිමින් අටවා තිබු කම්බි  මදු හා වෙනත් මරඋඟුල් රැසක් පසුගිය වසරේ  ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඊට අමතරව එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව  වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පවසති.