කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟවෙති.
කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සුහද කතාබහකින් පසුව රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙන්යාවේ පිළිගත් උදාර නායකව සිටි ජෝමෝ කෙන්යාටා මහතාගේ පුතා වන උහුරු කෙන්යාටා මහතා බලය අවභාවිතා කිරීම සහ අයථා ගනුදෙනු වැනි කටයුතු නිසා ඒ රටේ පොදු ජනතාව අතර අප්‍රසාදයට පත්වූ දේශපාලඥයෙක් කියලයි තතු දත් අය කියන්නේ. ඒ රටෙත් දැන් දැන් ඉතියෝපියානු ත්රස්තවාදීන් ද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා සංචාරක ආදි ව්‍යාපාර වලට බලවත් පහරක් එල්ලවී ඇති බවත් දැනගන්නට තිබෙනවා. ලෝකයේ වැදගත්ම වන ජීවී සංචාරක කලාපයක් වන කෙන්යාවේ අලි සහ අනෙකුත් විශාල වන ජීවීන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම් වැළැක්වීම සඳහා යොදා ගෙන ඇති සාර්ථක වැඩ පිළිවෙලවල් ගැන මේ ගමනේදී දැනුවත් වීමක් කරගන්නට ලැබුනොත් අපටත් ප්‍රයෝජනයක් වේවි... වනාන්තරයේ ජීවත් වන මසායි ගෝත්‍රයේ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති ආකාරය සොයා බැලුවොත් වටිනවා. ඒවා ගැන දැනුවත් වීම කෙසේ වෙතත් සංචාරයට එක්වී ඇති ගෝල බාලයින් නම් සත්තු බලන්න යනවා ෂුවර්...
අපේ රටේ මිනිසුන්ගෙන් ගන්නා බදු සල්ලි වලින් නිකම් රවුම් ගහගහ ඉන්නවා. සත 5ක වැඩක් තියෙන දෙයක්ද මේ? ව්‍යවස්ථාව කෙපු එකට අස්වෙන්නේ නැතුව අපේ සල්ලි කකා ඉන්නවා.
අපි වගේ නොවෙයි, අප්‍රිකාවේ රටවල් අද බොහොම දියුණුයි. ඒවා දිළිඳු රටවල් බවට බටහිර රටවල් වල මාධ්‍යකාරයන් එක දිගටම කරන ප්‍රචාර වලට අපි රැවටෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටවල් මේ වන විට සෞභාග්‍යවත් සමුර්ධිමත් රටවල් බවට පත්ව තිබෙන්නේ ඒ රටවල නායකයන්ගේ දූරදර්ශී දේශපාලන දැක්ම නිසයි.