(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී හිරිහැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(01) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
සිංහල ජාතිකයකු සමග විවාහවීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් තම නිවසට කඩා වැදී කාන්තාවකට සහ ඇගේ මවට පහරදී නිවසේ දේපළවලට අලාභ හානි සිදුකළැයි ඉකුත් මාර්තු 24 වැනි දින බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිලි කර තිබිණි.
ඊට අදාළ තවත් සැකකරුවන් හයදෙනෙකු පොලිසිය මගින් 2019-06-21 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත්කළ බව පොලිසිය කියයි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලිසියෙන් ඉකුත් අගෝස්තු 2 වැනි දින ඉවත් කළ අධිකරණය ඒ පිළිබඳව විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.
මේ අතර මෙම පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නමැත්තා මේ වනතුරුත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 10දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මැටි සිංහලයින් ආසාවෙන් තලු මරන අතරේ අනික් උන් පශ්චාත් භාගයෙන් හිනාවෙන අරුම පුදුම සහජීවනය - සංහිදියාව.
අනවශ්‍ය ප්‍රශ්ණනේ.ඕන කෙනෙක් ඕන කෙනෙක්ව බැන්දාම අපිට මොකද? ඒවා ඒගොල්ලන්ගේ පවුල් වල අය බලා ගනීවි.
ගැහැණියෙක් හා මිනිහෙක්ගේ එකතුව ඒ දෙදෙනාට බලපාන දෙයක් විතරයි. අනෙක් අයට තියෙන්නේ ආශීර්වාද කිරීම පමණයි. එහෙම නම් අපේ සිංහල කාන්තාවන් කොතෙකුත් වෙනත් ජාතින් විවාහ කරගෙන ඉන්නවද? එ්ත් ඒ අයට කවදාවත් හිරිහැරයක් වුනේ නැහැ. ආදරයට, කැමැත්තට අවහිර කිරීමට කාටවත් පොදු ධර්මතාව අනුව අයිතියක් නැහැ.