(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් ලක්ෂ 600 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි කාන්තාවක් අද (11) අලුයම  එහි 5 වැනි  මහලෙන් බිමට පැනීමෙන් මියගොස්  ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ (46) හැවිරිදි කාන්තාවකි .

ඇය අද අලුයම තුනට පමණ  වැසිකිළියට ගොස් එහි ජනේලයෙන් පැන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි .

කාන්තාවක්  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්   පැන සියදිවි හානි කරගත්  ප්‍රථම. අවස්ථාව මෙය බවද පොලිසිය කියයි . ඇගේ සිරුර කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.