
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් පිටතින් ඉබි යතුරු දමා වසා දමා ඒ තුළ කාන්තාවන් අට දෙනකු අල ලූණු තෝරමින් සිටියදී පැයක පමණ මෙහෙයුමකින් පසු එළියට ගත්බව දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂඛ ඒකකය කියයි.
නගරය වසා දමා තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අර්තාපල් අල සහ ලොකු ලූනු ගබඩා විවෘත කරමින් ආහාර පැටවීම තේරීම සහ ගනු දෙනු සිදුකරන බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත දඹුල්ල පොලිසිය, දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් වැටලීමක් සිදු කරන ලදී .
එහි දී විවෘත කොට වෙළඳාම් කරමින් තිබූ අර්තාපල් අල ලූනු ගබඩා වසා දමා එම අයට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ ක්‍රියා කිරීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ නඩු වැටෙන්නේ එදාවේල හම්බ කරගන්න ගිහින් වැඩකරපු කාන්තාවන් 08 දෙනාට.. ව්‍යාපාරිකයා නිකන්ම නිදහස්.
අර තිරිසන් පාර්ලිමේන්තු මන්ත්‍රීට නීතිය ක්‍රියාත්මක නැද්ද? ඝාතනයකට තැත් කිරීම යටතේ අත් අඩංගුවට ගත හැකි නේද..?