
(අජන්ත කුමාර අගලකඩ)
කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට ලබන දෙසැම්බර් මාසය වනතෙක් වැටුප් ගෙවීමට හා ආයතනයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 41ක මුදලක් ලබාදෙන ලෙස වැවිලි අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
කන්තලේ සීනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් මෙම සේවකයන් 34 දෙනා ආයතනයේ රඳවා ගැනීමට ද වැවිලි අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබේ.
මෙම සේවකයන් 34 දෙනාගෙන් 19 දෙනකුට ආයතනයේ ආරක්ෂක කටයුතුවලට යොදවා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
සිය රට දේ සිරි සැප දේ කිව්වලු...
ජාතික අපරාධ.... මේවා ගොඩගන්නට හමුදාවට පැවරිය යුතු වෙනවා. ඇමැතිට බැරිනම් වහාම නිලධාරීන්ද සමග ඉල්ලා අස්විය යුතු වෙනවා රට වෙනුවෙන්..
රජයේ සල්ලි කන්නේ නැතිව හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන්නකෝ...
සීනි නැහැ. පඩි නැහැ..!!!
රුපියල් 5000 දීලා මාසයක් කන්න කියන එකේ සෙකියුරිටිලාට ඔච්චර ගෙවනවද? නැත්තම් වහපු කම්හලේ සභාපති කෙනෙකුත් ඉන්නවද?
මෙන්න ජාතික අපරාද. ආරක්ෂාව කන්තලේ ඉන්න හමුදාවට බාරදෙන්න.