
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී මාසයක් ගත වී ඇතත් එම කාරක සභාව පිහිටුවීමට තවමත් නොහැකි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කළේ ඔක්තෝබර් මස 7 වැනිදා බවත් ඔක්තෝබර් මස 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද කාරක සභාව පිහිටුවීමට එකඟත්වයට පැමිණ තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය
එසේම එම යෝජනාව පසුගිය මස 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට සම්බන්ධ පරිපූරකයේ දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස පළ කර තිබූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා :
එක දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස ඇතුළත් කරලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දිනයක් වෙන් කරගමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කුඩු බලවේගයේ බිස්නස්වලට බාධා කරන්න එපා, ප්ලීස්.
පාස්කු ප්‍රහාරය, බැංකු මංකොල්ල වල පරීක්ෂණ ගැන අවුරුදු ගණනකට කට වහගෙන හිටපු මේ කාලකන්නි මේකට විතරක් කතා කරනවා.
මහින්දගේ කාලේ කුඩු අගමැති,කුඩු ජොනියා රේගුවට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කෙරුවා.තමුන්ගේ කට පූට්ටු වෙලා තියෙන්ඩ ඇති.තවමත් දූෂිත දේසපාලුවන්ට ගැතිකම් කරන උන් රේගුවේ ඉන්නවා. .ඇස් වහලා කන්ටේනර් පැන්නුවා කියලා රාවයක් තියෙනවා?