
(සුජිත් හේවාජුලිගේ)
"පල්ලි ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ඔක්කොටම කලින් අපි හැදෙන්න ඕන" යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසූහ.
මිනිසුන් එකතු කරන භෞතික දේවල් කිසිවක් අවසානයේ රැගෙන නොයන බවද උන්වහන්සේ කීහ.
අගරදගුරුතුමා මෙසේ පැවසුවේ කළුතර දොඩංගොඩදී අද පැවති උත්සවයකදීය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙසේද පැවසූහ.
පල්ලි හැදිලා වැඩක් නෑ ගොඩනැගිලි හදලා වැඩක් නෑ. ඔක්කොටම ඉස්සෙල්ලා අපි හැදෙන්න ඕන. මේ ලෝකෙ කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නෑ.හදිසියේ එන්න පුළුවන් කැඳවීම. සේරම තියලා යන්න ඕන. ක්‍රිස්තු වර්ෂ 2150 වන විට මෙතන ඉන්න කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ.
අද සමාජයේ තියෙන්නේ පරිභෝජනවාදය. සියලු දේ එකතු කරගන්නවා. සුපර් මාකට් ගිහිල්ල අනවශ්‍ය දේවලුත් අරන් ඇවිල්ලා ෆ්‍රීජ් එකේ දානවා. පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඒවා විසි කරලා දානවා. සිංහල අවුරුද්ද නත්තලට එනකොට පෝලිමේ ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිල්ලා අල්මාරිවල දානවා. පාවිච්චි කරන්නේ නෑ. මේවා කරන්නේ පැෂන් එකට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිඋතුම් කාදිනල්තුමනි. ඔබතුමාගේ ප්‍රකාශය මේ රටේ පන්සල් වලටත් අදාලයි. තරඟෙට වෙහෙර, විහාර, හදනවාට වඩා වියයුත්තේ මිනිසුන් හදන එක. සියලු දෙනාම මෙම ප්‍රකාශය පිළිපදිත්වා..
පාස්කු ප්‍රහාරයත් අනිත්‍යයි. මහමොලකරුවත් අනිත්‍ය යි. එහෙම වෙන්න ඇති නේ ද දැන්...?
කාලීන අදහසක් .අපෙ පන්සල් දැන් මාලිගා වගෙ හදනවා v8 පන්සල් වල.මිනිස්සු අයලෙ යනවා පාසල් ඊට හපන්.හොද දරුවෙක් කවදා දකින්නට ලබන්නේ .....ගුරුවරුන් ඊටත් හපන් ...........
කාදිනල් තුමාටත් හිටපු ගමන් මාර අදහස් පහළ වෙනවා. ඒවා ප්‍රකාශ නොකර ඉන්නා තරමටම ඒ තුමාගේ ගෞරවය ආරක්ෂා වෙනවා. පන්සල්, පල්ලි, කෝවිල් හදන්න බැතිමතුන් වැයකරන කොටි ගනන් මුදලින්, නැතිබැරි, අසරණ, දිළිදු ජනතාව කොතරම් සංඛ්‍යාවක් පොෂණය කරන්න පුළුවන්ද ? නිවාස නැති පවුල් දහස් ගණනකට කොතරම් නිවෙස් ඉදිකර දීමට පුළුවන්දැයි පැහැදිලි කර දීමට ආගමික නායකයන් රටට අවශ්‍ය නැත.
බුදුහාමුදුරුවෝ දේශනාකල ආකාරයට සෑම කෙනෙක්ම පංසිල් පද පහ හරියට රකිනවා නම් ලෝකය නිකම්ම හැදෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටපු කාලයේ කිව්වෙ මිනිසා හැදුනොත් ලෝකය හැදෙනවා කියල .උදාහරණයක් හැටියට කඩදාසියේ එක් පැත්තක මිනිස් රුවකුත් අනෙක් පැත්තේ ලෝක සිතියමත් ඇද කඩදාසිය කුඩා කැබලිවලට කඩා දරුවෙකුට නැවත කඩදාසියේ ලෝක සිතියම හදන්න කිව්වම දරුව මිනිස් රුව හදල ලෝක සිතියම හැදුවලු
මේ මහසේන්ට , කියනදේ වැටහිලා නැද්ද , නැතිමම් නැත නුවණ , එසත් නැතිමම් කියනලද ප්‍රකාශය උපහාසයට ලක් කිරීමේ පටු අරමුනකින් ලිව්වා නේද
“නිත්‍යයි, සැපයි, ආත්මයි” කියලා නේද ඉගෙනීම.... කෙසේවෙත්ම මම ගරු කරන ආගමික නායකයෙක්....
බොහෝ ආගමික නායකයින් හා පැවිද්දන් තේරුම් නොගත් දෙයක් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවබෝධ කරගෙන තියෙනවා. ඒක බොහොම හොද දෙයක්, පල්ලිය පන්සල කෝවිල මිනිසුන්ගේ සිත තුල හදා ගන්න පුළුවන් නම් ජීවිතය මීට වඩා සාර්ථක වෙනවා... වගේම සැහැල්ලු වෙනවා ඇත.
කියන අයත් කරලම පෙන්නලා කීවා නම් අනේ අපූරුයි. හැමදාම හැමතැනම ක්‍රියා නැති චූන් කතා තමයි.