
(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය.
මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි වියේ පසු වූයේය. ඩල්සි ගුණරත්න මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතා නිමාලි, නදී, ප්‍රසාද් සහ දර්ශන නමැති දරුවන් සිව් දෙනකුගේ පියෙකි.
මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගුණරත්න මහතා ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1967 වර්ෂයේ දී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළේය.
පසුව “ජනතා” පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර රැකියාවට සම්බන්ධ වූ ඒ මහතා ඉන් පසු, දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුුත කළේය. Sunday Obsever පුවත්පතේ ද සේවය කළ අතර සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.
ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටිය දී ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ජනමාධ්‍ය පිළිබඳ පුහුණුවක් ද ලැබුවේය.
මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකයට ලේක්හවුස් ආයතනය මගින් අනුයුක්ත කර සිටි ගුණරත්න මහතා පසුව ලංකාදීප පුවත්පතට හා සම්බන්ධ වී දීර්ඝ කාලයක් එහි ප්‍රාදේශීය ප්‍රවෘති කර්තෘවරයා ලෙස කටයුතු කළේය. lankadeepa.lk වෙබ් අඩවියේ ආරම්භක කර්තෘවරයා වූයේ ද ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතාය
සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයකු වූ ගුණරත්න මහතා මෙරට පුවත්පත් කලාවේදීන් රැසකගේ ගුරුවරයකු ලෙස පිළිගැනේ. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ජනමාධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මාධ්‍යවේදීන් පුහුුණු වැඩසහන් රැසකට සිය දැනුම හා අත්දැකීම් එක්කරමින් දායක වූ හෙතෙම මාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයකු ලෙස ද පිළිගැනීමට ලක්ව සිටියේය.
එමෙන් ම ඔහු මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන ලද, ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට වෙහෙස වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
කලක් රෝගාතුරව සටි ඔහු දින කිහිපයකට පෙර කොරෝනා ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද සිය දිවි ගමන නිමා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවහසක් පාඨක ජනයාට සත්‍යාලෝකය ලබාදුන් ඔබතුමන්ගේ භව ගමනේ ප්‍රාර්ථනීය බෝධිය සාදනීය වෙත්වා !!!
යළි අප අතරට පැමිණේවා.!
මාධ්‍යය ක්ෂේත්‍රයේ මාගේ මුල් ගුරුවරයාණෙනි ඔබට නිවන්සුව පතමි..!
ඔබට නිවන් සුව ලැබේවා මගේ ගුරුතුමාණෙනි...
ඔබ මා ගැන දැන නොසිටියත්, මා ඔබ ගැන දන්නේ බොහෝ කලක සිට... ඔබට නිවන් සුව...!
මාධ්‍ය ක්ෂේත්‍රයේ මාගේ මුල් ගුරුවරයාණෙනි, ඔබට නිවන්සුව පතමි...!
ඉතාම කණගාටුදායක ආරංචියක්... එතුමාට නිවන්සුව අත්වේවා..!!! .
ලංකාදීප මගේ ඇදුරැ තුමනි ඔබට අජරාමර නිවන්සුව අත්වෙවා
නව පරපුරක් බිහිකළ ගුරුතුමනි .නිවන් සුව ලැබේවා
මාධ්‍ය ගුරුවරයෙක් නික්ම යයි...!!! ගුණරත්න මැතිඳුණි, ඔබට සුබ ගමන්...!!! සුනිල් ආනන්ද පැරීසියේ සිට...
ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලේඛකයින්ට පන්නරය ලබා දී ඔවුන් සැමට එක හා සමාන අයුරින් කටයුතු කරන ගුරු පියාණෙනි, යන තැනක සතුටින් ඉන්නට ලැබේවා..!
ලංකාදීපයට පා තැබීමට අවස්ථාව ලබා දුන් අැදුරුතුමනි, ඔබට නිවන් සුව පතමි...!!!
පත්තර ලෝකයේ ඩබ්ලිව්. ජී. සලකුණ..! ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගුරුතුමා ඩබ්ලිව්. ජී..!
ඔබතුමා අපට මහමෙරක්... ඔබතුමාට සුබ ගමන්...!
පත්තර ලෝකයේ වැඩකාරයෙක්... බිරිඳට හොඳ සැමියෙක්... දරුවන්ට හොඳ පියෙක්... ඔබතුමාට සුබ ගමන්...!!!