IMG-LOGO

‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’

(ඩයනා උදයංගනී)

         

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

තම පාර්ශවයට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කිරීම බව කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද එම තීරණය ලැබී ඇතැයි සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට තම පාර්ශවය උත්සාහ කළ නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් එය ලබාගත හැකි ක‍්‍රමයක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි නොමැති බව ද හෙතෙම කීවේය.

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (19)

‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’

max Friday, 31 January 2020 09:33 AM

වේදිකා දෙවනත් වෙන්න කෑ මොර දුන්නට ඔහෙලාට බෑ රනිල් මහත්තයව තම්බන්න. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට නලින් බණ්ඩාර.

:       0       231

BamnuarachchiFriday, 31 January 2020 11:12 AM

ඔබේ අදහස නිවැරදිය. පක්ෂයේ සිටියට හරිහැටි පක්‍ෂ ව්‍යවස්ථාව පවා නිවැරදිව කියවා නොමැති සජිත් සහ කණඩායමක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි අකුරක් නෑර දන්නා රනිල්ගේ පක්ෂ නායකත්වය ලබා ගැනීමට නොහැකිබව මීටපෙර තේරුණේ නැතිද?

:       0       228

රණවක Friday, 31 January 2020 11:24 PM

සජිත්ගේ පෙරමුණෙ ශක්තිය නම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වේ. කෙසේ වෙතත් ඉදිරි මහා මැතිවරණය ජයග්‍රහණයට අපි ඔවුන්ට සුභ පතන අතර තව දෙයක් කිව යුතුමය. එනම් අවසානයේදී මහා මැතිවරණය ජයග්‍රහණය නොකළහොත් කෙටි පාරවල් සොයන සජිත් ඇතුළු සියලුදෙනා පරාජයේ වගකීම බාරගෙන ඔවුන්ගේ ගේ දොර බලා පිටත්ව යනවා මිස යලිත් සිරිකොත පැත්තේ එහෙම එන්න නම් හිතන්නවත් එපා.

:       0       0

රවින් Friday, 31 January 2020 10:00 AM

පෙරළුණු පිට හොඳයි නේද? වැදි බණ...

:       0       40

මුණසිංහ Friday, 31 January 2020 10:03 AM

ලද දෙයින් සතුටු වීම හොඳ ලක්ෂණයක්... ජය මෙන්ම පරාජය දරා ගැනීමත් හොඳ ලක්ෂණයක්. ඒ වගේම රටේ දියුණුවට සැවොම එක්වී වැඩ කිරීමටත් උත්සාහ කළ යුතුයි. පැරදුණා කියලා පස්ස ගහන්නේ නැතිව. එතකොට රට පෙරටම..

:       0       54

නදුන් Friday, 31 January 2020 10:21 AM

දැන් ඉතින් වෙන කුමක් කියන්නද? සිත නිවන කතා මිස

:       0       107

Sunil Friday, 31 January 2020 10:21 AM

මේ මොන බොරුද?

:       0       3

ජනක Friday, 31 January 2020 10:31 AM

UNP යකඩ කැබැල්ලට මෙදාපාරත් හෙනගහනවා..

:       2       22

සමන්ත Saturday, 01 February 2020 05:37 AM

හිටගෙනද දන්නෑ නේද? බලාගෙන ඉන්න.

:       0       6

jayath Friday, 31 January 2020 10:33 AM

මේ අය දැන්ද පක්ෂ ව්‍යවස්ථාව කියෙව්වේ..? මෙච්චර කලක් අර මිනිහට ඉර හඳ තරු පෙන්නලා ඒ මනුස්සයව ගස් නග්ගලා අන්තිමේදී බිමට ඇදලා දැම්ම සජිත් අනුන්ගේ දිරච්ච ලණු නොකා තාත්තා වගේ තමන්ගේ කාලය එනතුරු නොහිටියොත් දේශපාලනයෙන් අතු ගෑවෙනවා සිකුරුයි.

:       0       47

Thilak Weerasingha Friday, 31 January 2020 12:56 PM

මේ කට්ටියගේ වැඩ නිසා පක්ෂයේ බේද භින්න ඇති වුණා. කට්ටියක් තරුණ නායකත්වයක් ඉල්ලනවා. ඉල්ලන තරුණ අයට කට විතරයි තියෙන්නේ ඔලුවක් නැහැ. ආණ්ඩුවට ඕන දේවල් කරගත්තා. පක්ෂය ඇනකොටා ගන්න කොට. මහජනතාව තමයි දුක් වින්දේ...

:       0       53

gunda Friday, 31 January 2020 01:18 PM

බෙරිහන් දුන්නේ මහවැඩ්ඩෝ කියලා හිතාගෙන නේද? දැන් තමුන් කවුද කියලා දැන ගත්තද? සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් තමුන් දේශපාලනෙන් සමු ගන්නවා කිව්වා නේද? එහෙනම් දැන් සමුගන්නවකෝ. ලැජ්ජා නැද්ද? සජිත් විපක්ෂ නායක නෙවෙයි, අගමැති අපේක්ෂක වුණත් එජාප නායක නොවෙයි. සජිත් ඔතන ඉන්නකල් තමාලා පක්ෂයේ ඉන්නකල් තමාලගේ පක්ෂය වල පල්ලටම තමයි.

:       0       83

Brian L Friday, 31 January 2020 01:25 PM

ගෝඨාගේ පිළිවෙල ජනතාවට අල්ලලා යනවා. ඊළඟ ඡන්දෙට මිනිස්සු බලන්නේ විල්පත්තුවට මහබැංකු වංචාවට මේ රජය ගන්නා පියවර ගැනයි. රන්ජන් නිසා. පක්ෂයේ භේද නිසා, බෞද්ධ විරෝධී, අන්‍යාගමික හා සුළුජන කොටස්වල නීතිවිරෝධී අකටයුතු අැස් අැර නොබැලීම නිසාත් පක්ෂයට වූ හානිය නිසා මේ වතාවෙත් බලය ලබාගන්නවා බොරු... පෝර ටික දීලා වි 50 කලොත් සජිත් හම්බන්තාෙටින් කුජීතවෙලා යයි..

:       0       43

haramanis Friday, 31 January 2020 02:46 PM

සජිත් මහතා කරපු එක නිර්මාණාත්මක ව්‍යාපෘතියක් තියනවා නම් කියන්න.

:       0       39

පබිලිස් Friday, 31 January 2020 05:29 PM

නොහැකි වුණත් පක්ෂය කැඩීමට කිහිපවරක් උත්සාහ කිරීම. ඒකම මදිද සජිත් ගැන දැනගන්න. යමක් ගොඩනගන්න එය අරක්ෂා කරන්න නිර්මාණය කරන්න මොලය තියෙන්න ඕන හිතන්න පුළුවන් වෙන්න ඕනා. නිර්මාණාත්මක අදහස් නොමැති උදවිය නිතරම බලන්නේ විනාශය සහ වෙන්වීම.

:       0       44

samFriday, 31 January 2020 09:41 PM

හරමානිස්, උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු ව්‍යාපෘතිය මතක නැද්ද ?

:       0       0

Ramani Friday, 31 January 2020 08:58 PM

සජිත් එකඟ වුනා කියන්නේ අජිත්ව දොට්ට දාපු එකටත් එකඟයි කියල නේද ? මදැයි අජිත්ට වෙච්ච දේ. සජිතුත් තමන්ගේ නියම පාට පෙන්නුවා නේද ? අජිත්ට හොඳයි ගමනක් යනකොට වලහෙක් මුණගැහුණු යාලුවෝ දෙන්නගේ කතාව සිහි කරානම්.

:       0       0

සමන්ත Saturday, 01 February 2020 05:36 AM

ලෑස්ති වෙලා ඉන්න. අපි ඔයාලට වෙලාව ආවාම දෙන්න ඉන්නේ දුවන්න. ආයේ යූ.ඇන්.පී එකේ ඉඳලා අල කළ එකේ කන්දත් නැතිවෙන්න. සජිත්ටත් ඒක කියලා දීලා ලෑස්තිවෙලා ඉන්න සෙට් එකම.

:       14       6

Saman Saturday, 01 February 2020 11:38 AM

සජිත් පෙරහරේ යාවි. අජිත් කොටන් අදින්න ගිහින් අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම කැඩිච්චි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 230 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 575 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site