IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අරී

(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (25) සිට විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.

ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා  ජලාශයේ වාන් දොරටු දෙකක් මෙසේ  විවෘත කොට තැබීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන්  කොත්මලා ඔයේ ජල මම්ටම ඉහළ යා හැකි බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස මහජනතාවගෙන් නුවරඑළිය ආපදා කළමනාකරණ නිලධාරීන් ඉල්ලා සිටී.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයට පහළින් පිහිටි ශාන්ත ක්ලේයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.



අදහස් (1)

කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අරී

ruchi Friday, 26 October 2018 11:50 AM

මේ මුහුදට දාන වතුර ටික පුත්තලම, පොලොන්නරුව, වගේ පැතිවලට හරවලා යවන්න ක්‍රමයක් සෑදිය යුතුයි. මහලොකු වාරිමාර්ග ඇමැතිලා නම් ඉන්නවා නමට...

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site