(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (25) සිට විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ජලාශයේ වාන් දොරටු දෙකක් මෙසේ විවෘත කොට තැබීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් කොත්මලා ඔයේ ජල මම්ටම ඉහළ යා හැකි බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස මහජනතාවගෙන් නුවරඑළිය ආපදා කළමනාකරණ නිලධාරීන් ඉල්ලා සිටී.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයට පහළින් පිහිටි ශාන්ත ක්ලේයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුහුදට දාන වතුර ටික පුත්තලම, පොලොන්නරුව, වගේ පැතිවලට හරවලා යවන්න ක්‍රමයක් සෑදිය යුතුයි. මහලොකු වාරිමාර්ග ඇමැතිලා නම් ඉන්නවා නමට...