
(රංජිත් රාජපක්ෂ)
නායයාමේ ලක්ෂණ මතුවිම නිසා කොත්මලේ කොටගපිටිය ගම්මානයේ පදිංචි පවුල් 20 ක් පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
කොත්මලේ ප්‍රාදේශිය ලේකම්, කොත්මලේ යුධ හමුදා කදවුරේ අණදෙන නිලධාරි ඇතුළු භට පිරිසක් නායයාමේ ලක්ෂණ මතු වි ඇති ගම්මානයට ගොස් ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමේදි එම ගම්මානයේ ස්ථාන කිහිපයකම පොළව සහ නිවාස කිහිපයක් ඉරිතලා ඇති බවට නිරික්ෂණය වු බව ද අධ්‍යක්ෂවරයා කීයා සිටියේය.
ඉවත් කළ පිරිස ඔවුන්ගේ ඥාති නිවෙස්වල නවාතැන්ගෙන ඇත.
කොත්මලේ ජලාශයට ඉහලින් පිහිටි එම ගම්මානයේ පවුල් 60 පමණ පදිංචි බවත්,මිට ප්‍රථම එම ගම්මානය නායයාමේ අවධානම් සහිත ගම්මානයක් බවට හදුනාගෙන තිබුණද එම ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් කිරිමක් සිදු කර නොමැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd