(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව ඇති මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
මුදල් ඇමතිවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය .
මේ අතර මෙම පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (26) පෙත්සම් දෙකක් ගොනු කළහ.
මුදල් විශුද්ධිකරණ , සහ මත්ද්‍රව්‍ය සහ අල්ලස් යන පනත් යටතේ දඬුවම් ලැබිය යුතු පුද්ගලයන් කරනු ලබන මූල්‍යමය අපරාධ මෙම පනත් කෙටුම්පතේ 2(2) වගන්තිය මගින් සුජාත කිරීමක් සිදු කෙරෙන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd