කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස් මහතා පැවසීය.
මේ වන විට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ‘ රටම රකින ජන මහිමය ‘ රැලිය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමෙන් පසු එය වෙනස් කිරීමට කතානායකවරයාට බලයක් නැතැයිද ජී එල් පිරීස් මහතා පැවසීය.
කතානායකවරයා විසින් අද නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි කතානායකවරයාට උපකාරකිරීමට ජනාධිපතිවරයා බැදී සිටිනවා යන්න සඳහන් කිරීමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට හැරවීමක් බව පැවසු ජි.ල් පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ කතානායක වරයා කටයුතු කරන්නේ කතානායක හැටියට නොව එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස බවයි.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට ඡන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම ඡන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුන තත්වයක් තුළ සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුළ ඔවුන්ට ඉතිරිව ඇත්තේ සුළු ජාතික ඡන්ද සහ කැපුවත් කොළපාට ඡන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටියි. මේ හරහා ඇතිවෙන කෝලාහල ජාතිවාදී කොලාහලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්බුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශීර්වාද මැද බහුජාතික හමුදා ගොඩ බැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්රතිඵලයයි.
දැන් ද ව්‍යවස්ථාවක් තියෙනවා කියලා මතක් වුණේ?
කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ...
දැන් එතකොට ක්ෂණිකව අගැමති එලවලා අලුත් කෙනෙක් පත්කරපු විදිය හරිද? දැන් නිකන් මාලු බානවා වගේ දවසට එක දෙක අනිත් පක්ෂ වලින් ගන්න එක හරිද? ඊළඟ ඡන්දයකදී පහසුවෙන් දිනන්න තිබුණු අවස්ථාව ඔබතුමාලා මේ විකාරයක් අටවාගෙන නැති කරගත්තා. හරි හමන් අලුත් පක්ෂයකට මේකතමයි හොඳම අවස්ථාව.. මේ යූ.එන්.පී, පොහොට්ටු පක්ෂ අතුගාලා දාන්න.
අනේ මෙහෙමත් මහාචාර්යවරයෙක්...
උගත්කමත්, ප්‍රඥාවත් අතර විශාල වෙනසක් තිබෙනවා. මහා ලොකු උගතුන් අතරේ වුණත් මොලේ කළඳක් නැති මොට්ටයෝත් ඉන්නවනේ!
ගිය සැරේ බඩ ගියා... මේ සැරේ පන යන්නේ...
සත්‍යපාල අමතක කරන්න එපා.. ලංකාවේ වැඩිම ඡන්ද පදනමක් තියෙන තනි පක්ශය එජාපය කියලා. ඒක වෙනස් කරන්න කාටවත් බැරි නිසා තමයි හැමදාම හවුල් ආණ්ඩු හැදුවේ..
බැනුම් අහගන්නේ නැතිව ඉන්නවද ජී එල්.?
මෙතුමාට ව්‍යවස්ථාව අර්ථකතනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එය එතුමා ගැතිකම් නිසා නැති කරගෙන.
දැන් ඔබතුමාට වයස වැඩියි. දැන් ඔය වැඩවලින් ඉවත්වෙලා අදහන ආගමට අනුව පරලොවට වැඩක් කරගන්න.
අනේ මේ මිනිස්සු දන්න නීති... වාසියට හදන නීති නම් මේ ඔක්කොම දන්නවා. රට කනවා.
ඔහු මහාචාර්යවරයෙකි.