IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කතානායක සභාපති ’’මන්ත්‍රී තෙල්’’ එපා කියලා

(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ  නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට  ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට   පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

මේ අනුව ඔවුන් දෙදෙනාට මේ මාසයේ සිට  හිමිවන්නේ එම තනතුරුවලට ලැබෙන ඉන්ධන දීමනාව පමණි.

ජාතික ජන බලවේග රජයේ අගමැතිවරිය ඇතුළු ඇමතිවරුන් සියලු දෙනාද මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට මීට පෙර  වරින් වර ලිපි බාරදී තිබිණ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට   මන්ත්‍රීවරයෙකුට රුපියල් 250,000 සිට රුපියල්  450,000 දක්වා ඉන්ධන දීමනාවක් හිමි  වෙයි.



අදහස් (1)

කතානායක සභාපති ’’මන්ත්‍රී තෙල්’’ එපා කියලා

Nilantha Sunday, 23 November 2025 08:57 AM

තනතුරු දෙකතුනක සේවයේ යෙදෙන රජයේ නිළධාරින් වුණත් නිළ රථය පුද්ගලික කටයුතු සදහාත් යොදාගෙන ඉන්ධන ගන්නවාද බලන්නකෝ... ඉතින් මාසෙකට උපරිමයෙන් පැය 720 ක් හෝ 744 ක් (විනාඩි 43200 ක් 44640) නොකඩවා දිව්වොත් ඔයතරම් ඉන්ධන වලින් මොනවාද වෙන්නේ හිතාගන්නත් බැහැ.... එම ඉන්ධන ගහන්නේ (වැටුප අතිකාල ඉන්ධන ගමන්වියදම් හා අමතර කොටස් මිළට ගැනීම් ලෙස) වැටුප් 5 ක් ගන්නා නිලධාරි නිසා තමයි නාස්තිය වෙන්නේ කොහොම වුණත් ඔවුන් විශ්‍රාම ගත්තාට පස්සේ ඉතාම ඉක්මණින් ඔවුන්ට මෙලොවින් යන්නම වෙනවා... පරීක්ෂාකර බලන්න ඊළගට ඔය වාහනවල (විශේෂයෙන් බඩු පටවාගෙන නිලධාරි ගමන්කරන කැබ් රථවල) ඉන්ධන දහනය ධාවන සටහනේ සටහන් කෙරෙන්නේ ලීටරයකින් කිලෝමීටර් තුනක් හෝ උපරිමයෙන් හතරක් පමණයි. ඇත්තටම නිලධාරින්ට තනතුරු කීපයක සිටියත් තනතුරු අනුව ඉන්ධන නොදිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 232 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site