
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීම මේ සතියේදී අරඹන බව සමගි ජන බලවේගය පවසයි.
එම විශ්වාසභංග යෝජනාව සකස් කරගෙන යන බවත් යෝජනාව බොහෝ දුරට එන සතියේ දී භාරදීමට නියමිත බවත් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙහිදී කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එම සිද්ධිය මෙන්ම විවිධ විසමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබල දුබල අන්ද මන්ද විපක්ෂයට වෙන කරන්න දෙයක් නැත්නම් බේරේ වැවට පැනලා නාගනිල්ලා... රටේ මුදල් කාබාසිනියා කරන්නේ නැතුව, බිමල් රත්නායක සහෝදරයා කියන විදියට මොවුන්ව පරදවන්න ආණ්ඩුවට බස්නාහිර පළාතේ මන්ත්‍රිවරුන් ටික විතරක් හිටියාම හොදටම ඇති. ඒකවත් නොතේරෙන ගොන් විපක්ෂයක් මේක...!
අපිත් ඇතුලේ ඉන්නවා කියලා පෙන්නන්න. නන්නත්තාර වෙච්චි මිනිසුන්ගේ විලාපය...
සුබපැතුම්, විරුද්ධ පක්ෂය මේ කරන වැඩේට අපෙන් සුබපැතුම්...
විපක්ෂයේ ඉන්න අපතයින්ට විරුද්ධව විස්වාස භංගයක් ගෙනාවා නම් තමා වැඩිය හොද?...
දැන් ඕක බාර දෙන්නේ කතානායකටමද ?