අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවැසීය.
පාර්ලිමේන්තුව කැඳවූ විට අගමැති අසුන හිමිවිය යුත්තේ කාටදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
“නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති නායකත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැති අසුන කාටදැයි තර්කයක් නැති බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස කතානායකවරයා විසින් පිළිගෙන තිබෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාගේ පත් කිරීමක් නොසලකා ඉන්න තරම් කථානායකතුමාට බලතල ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවද? ප්රජාතන්ත්රවාදය සඳහා ප්රමුඛ ලෙස සැලකිල්ලට ගෙන සැබෑ ජනමතය නියෝජනය කරන රජයක් පිහිටු වීම සඳහා වහාම මැතිවරණයකට යාම වඩාත් උචිත බව පෙනී යයි. නැත්නම් මන්ත්‍රී තනතුරු මුදලට පාවා දීම සත්‍ය හෝ අසත්‍ය චෝදනා දිගින් දිගටම දැකිය හැකිවෙයි.
කතානායක වරයාගේ ප්‍රකාශය මෙවැනි ඉතාම බරපතල වගන්ති වලින් පිරී ඇත. "රට තුළ ප්රජාතන්ත්රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයින්ට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ. "උතුරේ දෙමල ජනයා වෙත නාමල් මන්ත්‍රීවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයකින් "එල්ටීටීඊ සිරකරුවන් සියල්ල නිදහස් කරන" බව දන්වා තිබේ. මේ පිළිබඳව ලෝක මාධ්‍ය ඉහළ ප්‍රචාරයක් දී තිබුණි. කරුණා අම්මාන් "කර්නල් කරුණා නමින් ඔහුගේ ට්විටර් පිටුවේ "මහින්දට කැමැත්ත ලබා ගැනීම උදෙසා දෙමළ සන්ධානයේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් සමඟත් ඒ අයට සහය දක්වන විදේශ දෙමළ ඩයස්පෝරාවේ කිහිපදෙනෙකුත් සමගත් කල සාකච්ඡා සාර්ථක වී ඇති බව සඳහන් කර ඇත. 3 වෙනිදා අනුරාධපුර ථූපාරාමය අසලින් ‘රන්වැලි සෑ සියපත් වන්දනා’ නමින් අලුත් පූජා වර්ගයක් අරඹමින් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත්තේ "අලුත් රජය මුලින්ම කරන්නේ රණවිරුවන් සියලු චෝදනා වලින් නිදහස් කරන" බවයි. මොකද්ද මේ දෙපැත්තම කන සෙල්ලම?
කථානායක කොහොමද එක පක්ෂයක පැත්තක් ගන්නේ? එයා ස්වාධීන විය යුතුයි. අනිත් එක එයා කොහොමද ජනාධිපතිවරයාගේ නියමය ඉක්මවා යන්නේ?
කරුගේ සුද පේන්නේ ඉගිලෙන කොටලු...
ඒකට තමා කියන්නේ කතානායකගේ වරප්‍රසාද කියලා... සිරිසේනට, මහින්දට හරි දේ කිව්වානම් කතානායක හරි හොඳයි. නැතිනම් හරිම නරකයි.
මේ ව්‍යස්ථාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය ගංජා ගහලා වගේ මේකට බයිලා ගහනවා. ව්‍යවස්ථාවේ නැත්නම් වැඩි ඡන්දය හිමි කෙනාට අගමැතිකම හිමියි කියල කතානායක කියන්නේ වීරවංස වගේ කෙනෙක්ද? කටට එන දේවල් කියවන්න එපා. පාර්ලිමේන්තුව පටන් ගන්නකල් ඉන්න. එදාට බලාගන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා..
පාර්ලිමේන්තුව රැස්වූ විට අපට ලස්සන "සංගීත පුටු තරඟයක්" බලාගන්න පුළුවන් වේවි!