(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න )

කොවිඩ්  ආසාදිතවූ  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල )ඇතුළත් කරනු ලැබ ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ බව  එම රෝහලේ ප්‍රකාශකයෙක්  පැවැසීය. කතානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ  සේවකයෝ තිදෙනෙක්ද  කොවිඩ්  ආසාදිතව ප්‍රතිකාර ලබති.