
(ටී. එල්. ජව්ෆර්කාන්)
හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි.
එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ ග්‍රාමසේවා වසම් හැර සෙසු ග්‍රාමසේවා වසම් මාර්ග බාධක දමා වසාදැමීමට හමුදාව, පොලිසිය, නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින් සිදුකරන ලදි.
ඇතුලත මාර්ග, ප්‍රධාන මංසන්ධි සහ ජනතාව ගෙවසන ස්ථානයන් නගරසභා සේවකයින් විසින් වසදමන ලදි.
ප්‍රාදේශීය ලේකම් යු උදය ශ්‍රී , නගරාධිපති එස්. එච්. අස්ෆර්, අපරාධ කොට්ඨාස ස්ථානාධිපති ගයාන් රාජකරුණා, සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඒ. එල්. එම්. නබීල් යන මහත්වරුන් ඇතුළු උසස් හමුදා නිලධාරීහු මීට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ගම්මාන වලට පමණක් කොරෝනාවක් මවා පාලා ලංකාවේ ගොඩක් මුස්ලිම් ගම්මාන වසා නොමිලේ ආහාර සහ සියලුම පහසුකම් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයට ගොඩක් ස්තුතියි. දැන් ගෙවල්වල තවත් මාස තුනකට කෑම සඳහා හාල්, පරිප්පු, සැමන් ටින්, කිරි පිටි ඇතුළු ආහාර වර්ග ගොඩක් අප ළඟ තිබෙනවා. නැවතත් කවදා ලොක්ඩවුන් කරයි කියා බලා සිටින්නෙමු. අසල්වැසි මුස්ලිම් ගම්මාන වලිනුත් අපට ගොඩාක් උදව් කළා. පානදුර මුස්ලිම් ජනයා වෙනුවෙන් PCR පරීක්ෂණ වලට මුහුණ දෙන එක අයෙක් වෙනුවෙන් රුපියල් දහසක මුදලක්ද පොසිටිව් වූ කෙනෙකුට රුපියල් 10,000 ක්ද ලබාදුන් පෞද්ගලික ව්‍යාපාරිකයින්ට අපගේ උත්තමාචාරය...