(මනෝප්‍රිය ගුණසේකර)

පහරදී කපා කොටා කාන්තාවක ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා මරණ දඬුවම් නියම කළේය.

වසර 33කට පෙර මෙම අපරාධය කර ඇත්තේ විත්තිකරුවන්ම බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක විත්තිකරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු වැලිකඩ බන්ධනාගාරය තුළදී ඔවුන්ගේ බෙල්ලෙන් එල්ලා තැබීමටද නියම කළේය.‍ෙ

මෙලෙස දඬුවම් නියම වූයේ පී. ඒ. කේ. නිශාන්ත කුමාර, ඊශාඩ් මෝසස්, රෝහන් ජනක සම්පත් සාගර, අනිල් ඉන්ද්‍රජිත්, කනගරාජා ටිරෝන්, සෝමරත්න සිල්වා, හික්කඩුව ලියනගේ නිහාල් සහ කේ. ඩබ්ලිව්. අජිත් කුලතුංග නමැත්තන්ටය.