(කවිතා සුබසිංහ)
කඩවත පොලිස් ස්ථානයට අනුබද්ධ රාජකාරි කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනා ලබන 17 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද (3) නියම කළේය.
හපුආරච්චිලාගේ දොන් සසංක අකාශ් ලක්ෂාන් නොහොත් සුද්දා ,කරුණානායක පතිරණලාගේ කේෂාන් තාරක මධුවන්ත නොහොත් මංජු,හොදආරච්ච්පටබැදිගේ සදුන් ලක්ෂාන්,ජයසිංහ ආරච්චිගේ නිල්මිණි ප්‍රියදර්ශනී, ජයසිංහ මුදියංසේලාගේ සුදේශිකා සදනුවනි,මොහොමඩ් හුසේන් කාමීන් හා කේ.ඒ.ධනංජය ලක්මාල් නැමති සැකකරුවෝ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සසංක අකාශ් ලක්ෂාන් නොහොත් ‘සුද්දා’ නැමත්තා,කේෂාන් තාරක මධුවන්ත නොහොත් ‘මංජු’ හා සදුන් ලක්ෂාන් යන අය ඉකුත් 21 වැනි දා අත්අඩංගුවට ගෙන 22 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළේය.
කඩවත පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා සැකකරුවන් ගේ ලේ සාම්පල් ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා නඩුව 17 වැනි දා කැදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd