(අංජුල මහික වීරරත්න)

නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට එකම ආකාරයට සැලකීම නීති නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යටතේ දිවයින පුරා නීති ආධාර මධ්‍යස්ථාන වල සේවය කරන නීති නිලධාරීන්ගේ කුසලතා දැනුම ධාරිතාව වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

කොළඹ සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.

"මුල්‍යම අපහසුතාවයන්ගෙන් යුතු නීතියේ පිළිසරණ අපේක්ෂිත ජනතාව නීති ආධාර කොමිෂන් සභාවට ජනතාව පැමිණෙනවා.ඉවසීම දයාව කරුණාව මුලික කර ගනිමින් ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි.

නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා උපරිම සහාය ලබාදිය  යුතුයි. එම පුද්ගලයාට ඇති ගැටළුව අපට වැදගත් නොවුණත් ඒ ප්‍රශ්නය නීති ආධාර අවශ්‍ය පුද්ගලයාට පවතින විශාලම ප්‍රශ්නය වෙන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.