IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැඩුනු යානය හෙට දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය. 

කටුනායක ගුවන් තොටුපළෙන් ඉකුත් 15 වැනි දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනා මේ වනවිට මෙම ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්වයට පත් කර ඇති බව ද දීපාල් පෙරේරා මහතා පැවසීය

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300 ක පමණ පිරිස රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වන බවත් , එම ගුවන් යානය හෙට දින උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බවත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

 



අදහස් (4)

කැඩුනු යානය හෙට දිවයිනට

Ahmed (Gulf) Monday, 17 April 2023 02:04 AM

Srilankan-Air, භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පමණක් ආරක්‍ෂිතයි, ශ්‍රීලංකන් එයාර් පියාසර මිනී පෙට්ටිවල පියාසර නොකරන්න.

:       6       8

පිටිගල මිලානෝ Monday, 17 April 2023 10:38 AM

ඉස්සර අපි මුලින්ම ඉතාලි ආව කාලේ පරණ ට්‍රයිස්ටාර් එකේ නිතර ගමන් බිමන් ගියත් යානයේ පරණ බව දැනුණේ නැහැ... ඒ දවස්වල හිටපු අතිශයින්ම රූමත් ගුවන් සේවිකාවන් නිසා. ඒකට දැන්... රට දේශපාලනීකරණය වීමත් සමගම එක එකාගේ උදව්වෙන් කොට මහත අවලස්සන බොහෝමයක් දැන් මෙහි සේවය කරයි. කොනේ සීට් එකේ ඉන්න කෙනාටවත් කෑම එක දෙන්න අත දිග නැති කොන්ද නවාගන්න බැරි තරමට මහත බොහෝ අය මා දැක ඇත. රටක් දේශපාලනිකව පරිහානියට පත්වන විට හැම දෙයක්ම කඩාවැටීමට ලක්වීමේ උදාහරනයකි මේ.

:       1       20

D.Piyanage Monday, 17 April 2023 02:28 PM

ඔව්, ශ්‍රී ලංකන් සේවය අන්තයටම පිරිහිලා. අනෙක් එයාර්ලයින්ස් හා සසඳද්දී අහසට පොළව වගෙයි. කැබින් කෲ එකේ බොහෝ අය ගුවන් මගීන් සමග සුහදශීලි නෑ. පසුගිය වකවානුවේ ගුවන් සේවිකාවන් බඳවා ගත්තේ පන්දමටනේ... ඒවායේ ප්‍රතිඵල බොහෝයි දැන්. මම නම් දැන් "ශ්‍රී ලංකන්" එකේ ගමන් යන්නේ නැහැ. අනෙක් එයාර්ලයින්ස් තමයි තෝරාගන්නේ.

:       0       7

නන්දන පනා-මිලානෝ Monday, 17 April 2023 03:51 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බාස් උන්නැහේලා බොහෝම දක්ෂයි. ඒ අය පිටරට ගුවන් යානා පවා අළුත්වැඩියා කරනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site