(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ රැකියා සඳහා 2016 වසරේදී අයදුම් කළ ( ඇමරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව) හෙදියන් 425ක පිරිසක් අතුරින් අදාළ භාෂා (ඉංග්‍රීසි) ප්‍රවිණතා විභාගය සමත්වූයේ හෙදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය.
එම ගිවිසුම අනුව ඇමරිකාවේ රැකියා අවස්ථා මෙලෙස ලැබී තිබුණේ මෙරට සුදුසුකම් සහිත හෙදියන්ටය.
මේ තොරතුරු අනාවරණය වූයේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදවූ කාර්ය සාධන විගණන වාර්තාව පරික්ෂා කිරීම සදහා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය (21) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස කෝපා කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා විදෙස් සේවා නියුක්ති කාරයංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවට නැවතත් කැදවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.
විදෙස් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවත් 2021 වසරේ පුහුණු ශ්‍රමිකයින් යැවීම සියයට 33 ක් පහළ අගයක් ගෙන තිබූ බවත් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුවූ බව මෙහිදී සඳහන් විය.
මේ අනුව විදෙස් රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළෙඳපොළ පිළිබද නිරන්තර අවධානයෙන් සිට ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.
ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් සකසා තිබුණද ක්‍රියාත්මක නොවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.
මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.
ජපානය, කොරියාව ඊශ්‍රාලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම් අනුව පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තිමය කුසලතාව සහිත පිරිස අඩුවීම හේතුවෙන් ඒ අවස්ථාව අවම වන බවද තොරතුරු අනාවරණය විය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න සහ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී අලවතුවල, ඉසුරු දොඩන්ගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහුද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ යන මහත්වරුද රාජ්‍ය නිලධාරීහු තවත් පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, සක්විත්තාගේ ඉංග්‍රීසි පන්තියට ගිහින් ඉගෙනගත්තා නම් වැඩේ ගොඩ දාගන්න තිබුණා...
ඉතාමත් ශෝචනීය තත්වයක්... හෙදියන් කියන්නේ අනිත් අයට වඩා ඉංග්‍රීසි දැනුමක් තියෙන අය. මක් නිසාද ඔවුන් වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්... මුළු රටේම ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතුයි. මේ අධ්‍යාපන ඇමැති සහ නිලධාරීන් මර නින්දේ..!
හෙදියක් අවශ්‍යෙයන්ම දෙයක් තේරුම් ගැනීමට හෝ තෙරුම් කිරීමට හැකි විය යුතුය.
රාජ්‍ය භාෂාව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි විය යුතුයි. සමාජේ ගොටක් තියෙන සමාජීය සහ අර්ථික ප්‍රශ්න විසදෙනවා එහෙම කරොත්. ඒ වගේම මිනිස්සු මීට වඩා උගත් වෙනවා. හැබැයි ඉතින් ඒකෙන් පාඩු වෙන්නේ දේශපාලකයන්ට. ඒ නිසා තමයි බණ්ඩාරණායකලා වගේ ජාතියට කෙළපු එවුන් ඒ කාලෙම ඒක නැවැත්තුවෙ.
කඩ්ඩ.. ඕක ලංකාවේ අයට මාර අර්බුදයක්. පැත්තකට කොන් කරන්න යන්තම් දන්න එකා ඉහළින්ම සපෝට් කරනවා.
බණ්ඩාරණායක මහත්තයා රටට කළ අපරාධය. ඔන්න ප්‍රතිඵල.
කඩ්ඩ නැතුව කැනඩාව, ඇමරිකාව වගේ රටවල රැකියාව කරන්න බැහැ. ඉංග්‍රීසි O /L පාස් වෙලා බැහැ.
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. වැරදීම් වෙයි ඕනි තරම්. දවසට වචන දෙකක් ඉගෙන ගත්තොත් අවුරුද්දකට වචන හත්සිය විස්සක්. හොරකෙටුවත් අගෙන යන්න බැරි දෙයක් දැනුම කියන්නේ.
1956 ආරම්භ කළ සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිඵලයක් තමයි. කොහොමත් ලංකාවේ ඉහළම පාසල්වල හැරෙනවිට අනෙක් කිසිම පාසලක සාමාන්‍ය පෙළ විභාගයටවත් හරියට ඉංග්‍රීසි ඉගැන්වීම කරන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපති කළ කතාවකින් එය පැහැදිලි වෙනවා. ඇත්තටම ලංකාවේ සියලු දරුවන්ට පළමු වසරේ සිටම භාෂා තුනම අනිවාර්යයෙන් ඉගැන්වීම කළයුතුයි... අවම වශයෙන් මව්භාෂාව හා ඉංග්‍රීසි අනිවාර්ය කරන්න ඕනෑ මම දන්නවා... අපේ දරුවන් උසස්පෙළ කරද්දී එකම දිනක්වත් ඉංග්‍රීසි ගුරුවරු පන්තියට ආවේ නැහැ කියලා... නමුත් පාසල්, ජාතික පාසල් තමයි ඉංග්‍රීසි සඳහා විද්‍යාපීඨ යන සිසුන්ට ඒවායේ පුහුණුව අවුරුදු හතරක් කරලා ලිවීම, කියවීම හා ඉංග්‍රීසි කතාව පුහුණුකර හැකියාව මත පමණක් පත්වීම් දියයුතුයි. විද්‍යාපීඨවලත් හරියට පුහුණුවක් දෙන්නේ නැහැ. කියලා කීප දෙනෙක් කියනවා අහන්න ලැබුණා. මේ නිසා උසස්පෙළ සමත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි සඳහා A සාමාර්ත තියෙන වැඩි පිරිසක් විද්‍යාපීඨවලට අරගෙන පුහුණුව දියයුතුයි. ඒ වගේම පාසල්වලට සිටින ප්‍රමාණය දෙගුණයක් ලෙසට ඉංග්‍රීසි ගුරුවරු පත්කළ යුතුයි.
ඉංග්‍රීසි දැනුම කෙසේවෙතත්, සාත්තු සේවිකාවන්ගේ විෂය දැනුමට සාපේක්ෂව ලබන ගුණාත්මකභාවය අතින් ලංකාවේ හෙදියන් ඉන්නේ ඉතාමත්ම පහළ මට්ටමක. විශේෂයෙන් ඇමරිකාව හා යුරෝපයේ රටවල වෛද්‍යවරු මෙන්ම හෙදියන්ද ගුණාත්මක භාවය අතින් ඉතාම ඉහළයි. ඔවුන් ඉතාම කරුණාවන්තයි. දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණුයි කියන්නේ මේ කරුණුත් එකතු කරගෙනයි. ලංකාවේ පුහුණුව ලත් හෙදියන්ව කොහොමත් ඒ රටවලට ගැලපෙන්නේ නැහැ. ඔවුන්කළ යුත්තේ හොඳ අධ්‍යාපනයත් ඒ රටවලම ලබාදීමයි. ඔවුන්ට හෙදියන් අවශ්‍ය නම් බඳවා ගත යුත්තේ, නැගෙනහිර යුරෝපීය රටවල් වලිනුයි. නමුත් ඔවුන්ටත් බලපාන ප්‍රබලම ගැටලුව ඉංග්‍රීසි තමයි...
හැබැයි ඉතින් සිංහල කතා කරන්නේ නිකන් සුද්දන් සිංහල කතාකරනවා වගේ...!
පොදුවේ, සිංහල රාජ්‍ය භාෂාව කොට ඉංග්‍රීසි ගණන් නොගෙන නොසලකා හැරීමත්, හෙද වෘත්තියේ තත්ත්වය ගැන සැලකීමේදී අපගේම බමුණු දොස්තර කුලය විසින් හෙද උපාධි අධ්‍යාපනයට හරස් වීමත් නොකලයුතු දේවල් කියලයි මට නම් හිතෙන්නේ.
S.W.R.D Bandaranayke , ruined the education by making all Sinhala only, today all over the world Sri Lankan majority of the professionals suffer due to that foolish decision.
එය අපේ රටේ බරපතළ ප්‍රශ්නයක්. අවස්ථාවක් ලබා දුන්නොත්, මට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කළ හැකිය.
රෝහලට එන්නේ දුප්පත් ජනතාව නිසා... බොහෝමයක් ආඩම්බරකාරී ගැහැණු ළමුන් කතාකරන්නේ වැරැදි විදිහට... හිතන්නේ නැතිබැරි අය කියලා. ඉංග්‍රීසියෙන් නම් කවදාවත් බනිනවා අහලා නැහැ. නිහතමානී අය අඩුය.