IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කඩුගන්නාවෙන් පාර අරින්න දින කීපයක් යාවි

(මොහොමඩ් ආසික්)

කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.

කොළම සිට මහනුවර දක්වා ගමන් කරන වාහන කුරුණෑගල හරහාත් රඹුක්කන හරහාත් ගමන් කිරීමට කටයුතු කරල තියෙනවා.

ගම්පොල දෙසට ගමන් ගන්නා වාහන හෙම්මාතගම හරහා ධාවනය කිරිමටත් පියවර ගෙන තියෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ මෙම ස්ථානය නිරීක්ෂණයට ලක් කළා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයක් නැතිව මාර්ගය විවෘත කරන්න පුළුවන් කමක් නෑ. තවත් අස්ථාවර ප්‍රදේශයක් තියෙනව කියන තොරතුර අපට ලැබිල තියෙනවා. වර්ෂාව තව දුරටත් පවතින නිසා මාර්ගය විවෘත කිරීම දවසක් දෙකක් පරක්කු වෙන්න පුළුවන්.

මෙම නාය ගිය කොටසට අසන්නව දුම්රිය මාර්ගයත් පිහිටලා තියෙනවා. නමුත් මෙම ස්ථානයෙන් වේග සීමා පනවල තමයි දුම්රිය ධාවනය කරන්නේ. දුම්රිය නවත්වනවද කියල තවම තීරණයක් අර ගෙන නෑ එම ස්ථානයේ තත්වය බලලා ලැබෙන නිර්දේශය අනුව තමයි ඒ ගැන තීරණයක් ගන්න වෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී තව දුරටත් කීය.

 



අදහස් (1)

කඩුගන්නාවෙන් පාර අරින්න දින කීපයක් යාවි

Mahesh Sunday, 23 November 2025 08:28 AM

අවිස්සාවේල්ල පැත්තෙන් එන වාහන කොටියාකුඹුර හෝ බුලත්කොහුපිටිය හරහා දාලා අරනායක හතක හෙම්මාතගමට ගිහින් ගම්පොල හරහා නුවර යන්න පුළුවන් .මාවනෙල්ලෙන් හෙම්මාතගම පාරේ ට්‍රැෆික් නම් අරනායක පාරට දාලත් වියහැකි. අරනායක ඉඳන් හෙම්මාතම පාර ටිකක් අබලන් හැබැයි. මොනවා වුණත් හොරා කාලා හරි මහින්ද මහත්තයා ඔය පාරවල් ටික හදපු හින්දා අද කාටත් පිහිටක් වුණා. අනුර කුමාර ඔයා ෆේල් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site