
(මොහොමඩ් ආසික්)
කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.
කොළම සිට මහනුවර දක්වා ගමන් කරන වාහන කුරුණෑගල හරහාත් රඹුක්කන හරහාත් ගමන් කිරීමට කටයුතු කරල තියෙනවා.
ගම්පොල දෙසට ගමන් ගන්නා වාහන හෙම්මාතගම හරහා ධාවනය කිරිමටත් පියවර ගෙන තියෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ මෙම ස්ථානය නිරීක්ෂණයට ලක් කළා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයක් නැතිව මාර්ගය විවෘත කරන්න පුළුවන් කමක් නෑ. තවත් අස්ථාවර ප්‍රදේශයක් තියෙනව කියන තොරතුර අපට ලැබිල තියෙනවා. වර්ෂාව තව දුරටත් පවතින නිසා මාර්ගය විවෘත කිරීම දවසක් දෙකක් පරක්කු වෙන්න පුළුවන්.
මෙම නාය ගිය කොටසට අසන්නව දුම්රිය මාර්ගයත් පිහිටලා තියෙනවා. නමුත් මෙම ස්ථානයෙන් වේග සීමා පනවල තමයි දුම්රිය ධාවනය කරන්නේ. දුම්රිය නවත්වනවද කියල තවම තීරණයක් අර ගෙන නෑ එම ස්ථානයේ තත්වය බලලා ලැබෙන නිර්දේශය අනුව තමයි ඒ ගැන තීරණයක් ගන්න වෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී තව දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිස්සාවේල්ල පැත්තෙන් එන වාහන කොටියාකුඹුර හෝ බුලත්කොහුපිටිය හරහා දාලා අරනායක හතක හෙම්මාතගමට ගිහින් ගම්පොල හරහා නුවර යන්න පුළුවන් .මාවනෙල්ලෙන් හෙම්මාතගම පාරේ ට්‍රැෆික් නම් අරනායක පාරට දාලත් වියහැකි. අරනායක ඉඳන් හෙම්මාතම පාර ටිකක් අබලන් හැබැයි. මොනවා වුණත් හොරා කාලා හරි මහින්ද මහත්තයා ඔය පාරවල් ටික හදපු හින්දා අද කාටත් පිහිටක් වුණා. අනුර කුමාර ඔයා ෆේල් .