
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය , ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)
කොඩිකාමම් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ දී ඊයේ 19 වෙනිදා රාත්‍රී 10ට පමන පමණ සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂ ඩන්කන් ගුණවර්ධන මහතා ය.
මොහු වාරියපොල හොරොම්බාව පාසල් මාවතේ පදිංචිව සිටි අයෙකි.
පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියෙන් යාපනය ප්‍රදේශයේ සිට කොඩිකාමම් පොලිසිය ස්ථානය වෙතගමන් කරමින් සිටි අතරවාරයේ මුලින්ම බස් රථයක පිටුපස ගැටී ඇතැයි චාවකච්චේරිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බස් රථයේ ගැටීමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගය මැදට විසි වීමෙන් අනතුරුව චාවකච්චේරිය දෙස සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය කියයි.
මෙම මාරක අනතුරින්බරපතළ තුවාල ලැබූඋප පොලිස් පරීක්ෂක වරයා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයිද පොලීසිය කියයි.
මෙම මාරක අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
බස් රථය සහ ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත චාවකච්චේරිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොඩිකාමම් ට්‍රැෆික් ලොක්කා රිය අනතුරින් මරුට
දුමින්ද Thursday, 20 April 2023 01:56 PM
මෙතන ලොරියේ රියදුරු වැරදියි කියමුකෝ ඒත් බසය ගිහිල්ලා තියෙන්නෙ ඉස්සර වෙලානේද.ඉස්සර වෙලා යන බසයේ පිටුපස හැපුනා නම් බසය වැරදියි කියන්නෙ කොහොමද අපි හිතමුකෝ ට්‍රැෆික් ලොක්කා ගලක හෝ ගහක හැපුනා නම් ගහ හෝ ගලත් අත් අඩංගුවට ගන්නවාද සමහර විට ගෙදර තාප්පෙක හැපුනා නම් ගෙය අයිතිකරු අල්ලාගෙන ගියාම හරිද.
Sunil Thursday, 20 April 2023 06:19 PM
වාහනයකට පිටුපසින් ගමන් කරන විට ඉදිරියෙන් යන වාහනය හදිසියේ නැවත්තුවොත් හෝ වේගය අඩුකලොත් පිටුපසින් යන වාහනය නවතා ගැනීමට සූදානමින් සිටිය යුතුයි .වාහන අතර සුදුසු පරතරයක් තබාගත යුතුයි .මෙතනදී එවැන්නක් වෙලා නැති බව නම් ඉතාම පැහැදිලියි
omesh madusanka Thursday, 20 April 2023 09:17 PM
ගොන් හරක් නීතියක් තියෙන්නේ