IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන්  කටුගම්පොළ )
 
කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවලට සිසුන් අතුලත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම  ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
ඒම පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
මෙම පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති වරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස් වරයා,  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපති වරයා මෙහි නම් කර තිබිණි.

තමන් ගණිතය, රසායන විද්‍යාව,සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019වසරේ පැවති අ.පො.ස.උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන්  සිය ෙපත්සෙමන් ෙපන්වා ෙද්.

විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි  නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවූන් පෙන්වා දී තිබිණි

මේ හේතුවෙන්   තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත් ,  විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ  සාධාරණ කඩඉම්( ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට  වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
 

 

 



අදහස් (1)

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

sidath Wednesday, 23 December 2020 11:14 AM

විෂය නිර්දේශය වෙනස් වීම නිසා උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සිදුවන අසාධාරණය '70 දශකයේ සිටම සිදුවන්නක්. මේ ප්‍රශ්නයට විසදුම අධිකරණට යාම නොව, උසස් පෙළ සමත් සිසුන්ට තෘතීය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. රජයට එය කල නොහැකි නම්, පුද්ගලික අංශයට තෘතීය අධ්‍යාපන ආයතන ඇති කිරීමට අවසර දිය යුතුයි. මෙවැනි දේවල් දේශපාලනීකරණය කරන්නේ බංකොලොත් දේශපාලන පක්ෂ පමණයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site