
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සිය එකම පුතු යොදවා හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් සමඟ (30) දා අළුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (49) සහ පුද්ගලයකු (23) බව පොලිසිය කියයි.
හෙරොයින් තොගයක් අලෙවි කිරීම සඳහා පුද්ගලයකු පන්නිපිටිය අඹගස්හතර හන්දිය අසන්නට පැමිණෙන බවට මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතාට තොරතුරක් ලැබී තිබුණි .
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ආවේක්ෂණ රාජකාරියෙන් රැදී සිටියදී පැමිණි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1100 තිබී හමුවූ බව පොලිසිය කියයි .
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් පන්සියයක් හමු වූ බව පැවසේ.
මෙම හෙරොයින් තොගය නිවස හිමි කාන්තාවට අයත් ඒවා බවටත් ඇයගේ උපදෙස් මත පළමුව අත්අඩංගුවට ගත් ඇගේ පුතා ගැනුම්කරුවන්ට හෙරොයින් බෙදා හරින බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර බුදුන් අම්මා... අපොයි රටකට ගිය කලක්.