IMG-LOGO

කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට කසිප්පු පොවා වෙරි වූ පසු  බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන පුද්ගලයෙක් හලාවත උඩප්පුව පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

මොහු ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයෙකි.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන බාලවයස්කාර පාසල් සිසුවා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන බව කියන මෙම සිසුවාට පොත්පත් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙමින්පාසල් යාමට ආධාර උපකාර කරනු ලබන්නේ උඩප්පුව පොලිසියේ නිලධාරීන් විසිනි.

කලපුවට මාළු ඇල්ලීමට යැයි කියා සැකකරු සිසුවා කැඳවාගෙන ගොස් ඔහුට කසිප්පු පානය කිරීමට ලබා දී වෙරි වූ පසු කලපුව ඉස්මත්තේ දී බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කියයි.

සිසුවාගේ සිරුරෙන් ලේ වහනය වීම නිසා ඔහු මේ බව මවුපියන්ට දැනුම් දී ඇත. මව සිසුවා ද කැටුව උඩප්පුව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබුවාය.

 



අදහස් (2)

කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා

පිටිගල මිලානෝ Tuesday, 21 February 2023 01:19 PM

කොල්ලෙක්ට පව්කාරයෝ නැහැයි කියන පන්සලකට තනියෙන් යන්නත් බැහැ…. පව්කාරයෝ ඉන්න කසිප්පු පොලක් අසලින් යන්නත් බැහැ. ලංකාවට මොකද වුනේ….?

:       1       4

බීමාන් Tuesday, 21 February 2023 02:54 PM

කසිප්පු නීතී විරෝධී මත්ද්‍රව්‍යක්‌ නේද. ඒ පොලිස් බලප්‍රදේශයේ ඒවා අල්ලන්නේ නැත්තේ ඇයි. P

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site