( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කිසියම් අපරාදයක් කිරීමට අරමුණු කරගිනිමින් ළග තබාගත් බවට සැලකෙන දර්ශණීය ආකාරයට සැකසූ කඩු තුනක් ඒවා බහාලන කොපු දෙකක් සමග අපරාධ කල්ලියකට සම්බන්ධ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
පල්ලෙවෙල පොලිස් වසමේ ගස්පේ ප්‍රදේශයේ නිවසක මේ අන්දමේ කඩු සගවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව සිදු කෙරුණු සෝදිසියකදී 38 හැවිරිදි සැකකරු සතුව තිබූ මෙම කඩු සොයාගෙන ඇත්තේ ඇද මෙට්ටයක සගවා තිබියදීය.
අගල් 28, 32 හා 38 දිගින් යුත් මෙම කඩු තුනෙන් දෙකක් ඉතා දර්ශණිය අන්දමින් සකසා ඇති අතර අනෙක සාමාන්‍ය අන්දමේ එකක් බවද පොලිසිය සදහන් කරයි.
එක් බහාලන කොපුවක් හම් ආවරණයක් මගින් සකසා ඇති අතර අනෙක ලීවලින් සකසා රන් පැහැ ආලේප කර තිබූ බව පොලිසිය සදහන් කරයි.
ලැබුනු තොරතුර අනුව මෙම කඩු සෙවීමට ගිය අවස්ථාවේ සැකකරුගේ නිවසේ තිබී කසිප්පු බෝතල් අටක් අඩංගු කෑන් එකක්ද සොයාගත් බවද සැකකරු කළක් තිස්සේ කසිප්පු වෙළෙදාමේ යෙදී ඇත්තෙකු බව හෙලිවීයැයිද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනුනු සැකකරු විවිධ අපරාධ වලට සම්බන්ධ කල්ලියක සාමාජිකයකු බව හෙලිවී ඇතැයිද පොලිසිය සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩු තුනක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට