(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත.
ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා දී ඇතැයිද කියති.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බවද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.
කුඩු අංජුනැමැත්තා මේ වන විට ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ටික මංකොල්ල කාලා වෙඩි තියලා මරයි මදුෂ් වගේ
ewwa ehe rajasanthaka karanna nam denna epa.
ජරාපක්ෂලාගේ මාටියා සල්ලිද?
තව දේශපාලන ව්‍යවසායකයෝ ඉන්නවා එයාලාට පිට රටවල කොම්පැනි තියනවා ඔයිට වඩා ලොකු. කුඩු අංජු කුඩු විකුනලා කලා කියතෑකි. ඒත් අර දේශපාලන ව්‍යවසායකයෝ එච්චර සල්ලි උපයලා ගත්තේ කොහොමද කියලා රහස් පරීක්ශකයින්ට වත් හොයා ගන්න බෑ.
එහෙනම් ඉතින් මොන මගඩියක් කලත් ලංකාවෙන් ප්‍රශ්නයක් වෙන්න බැහැ
මේ රටේ තරුණ කොල්ලන්ට කුඩු අයිස් පොවලා ,උන්ගේ ජීවිත නොමරා මරල හම්බ කරපුවගෙන් මුන් සැප ගන්නවා. මේ රටේ ඉන්න ජනාධිපති ගේ ඉඳල ඉන්න පාලක පිරිස, පොලිසිය, අධිකරණය,නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ජීවත් වෙන උන් මේ වගේ තිරිසන්නු නිදහසේ ඉන්න එකට වගකියන්න ඕනේ මේ වෙනකොට හමුදාවේ ඉහල නිලයන් පවා කුඩු වලට ඇබ්බැහි වෙලා, මෑතක දී දියතලාවෙන් මේ බව ඔප්පු වුනා. රට කොහාටද යන්නේ? තවත් මෙක්සිකොවකට ?? මුන්ගේ දොලපිදේනි වලින් තමන්ගේ පවුල් නඩත්තු කරලා ,මුන්ව නිදහසේ තියන උන්ට හෙන ගහන්න ඕනේ
ඔය විදියට හම්බ කරලා සැප විඳින එවුන් පණපිටින් අපාගත වෙන්නයි ඕනේ... පව්කාර වැඩ...!