
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න දේපල අද ( 21 ) තහනම් කරනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
තහනමට ලක් කරන ලද දේපල අතර මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ සුඛෝපභෝගී නිවාස සහිත ඉඩම් දෙකක් , ලොරියක් ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද වන බව පොලිසිය කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ එම දේපළ මිලදීගෙන තිබූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස හොරයින් මත්කුඩු ග්‍රෑම් 75 ක් සමග මොරටුමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට අඹු සැමි යුවල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාන්තාව ඇප මත මුදා හැර තිබූ අතර එම සැකකාරියගේ ස්වාමිපුරුෂයා රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් එම යුවළ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔවුන් ඩුබායි රටේ සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අන්ජුගෙ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අය බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී සේප්පුව ක සඟවා තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න රන් භාණ්ඩ ද සොයා ගැනිණි
තවදුරටත් සිදුකළ විමර්ශනවලදී 2018 වර්ෂයේ සිට රත්මලාන කුඩු අන්ජුගෙ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා එයින් මිලදීගෙන තිබූ මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ සුඛෝපභෝගී නිවාස දෙකක් ,කුඩා ලොරි රථයක් ත්‍රීරෝද රථයක් සහ යතුරු යතුරුපැදියක් ද සොයා ගැනීමට හැකි වූ බව එම කොට්ඨාසය කියයි.
සැකකාරිය මෙම ජාවාරම සිදු කර ඇත්තේ ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් සිදු කරන මුවාවෙන් බවත් පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාරිය හතළිස් එක් හැවිරිදි තැනැත්තියකි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මල්වානේ ගෙවල්.පැන්ඩෝරා කොළ වල තියන විස්තර .ඒවා රාජ සන්තක කරන්නේ කවදාද