(යොහාන් භාසුර)
ප්‍රංශ පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් යැයි කියන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ‘රත්මලානේ කුඩු අංජු’ මෙරට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන රැසක සැකකරුවෙක් යැයි කියන ‘කුඩු අංජු’ නැමැත්තා පසුගිය බඳදා ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ පිළිබඳව ප්‍රංශ ආරක්‍ෂක අංශ ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය.
පවුල් ආරවුලක් මත ඔහුගේ බිරිඳ ප්‍රංශ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ‘කුඩු අංජු’ නැමැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ එම නිලධාරියා පසුගිය කාලයේ මහා පරිමාණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් මෙරට ගෙන්වාගත් ආකාරයටම මොහුව ද ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද කීය.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජන් ද සිල්වා මහතා 2018 වසරේ ඝාතනය කිරීමේ සහ අඟුලාන ප්‍රදේශයේ හෝටලයකට පහරදීමේ සිද්ධීන්වලදී ‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තාගේ නම නිරන්තරයෙන් කියවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු තොප්පි කාරයෝයි, කළුකෝට් කාරයොයි. නීතිපති දෙපාර්තමේන්තුවේ අයගේ පඬුපුල් ආසනේ උණුවෙලා ඇති මයේ අම්මෝ. මෑතක් ඉඳලා මේ වගේ පාතාලයෝ, රටම විනාශ කරන කුඩු, අයිස් රටට ගෙනත් දරුවන්ට පොවන අය කීදෙනෙකුට මොවුන්ගේ හිත්පොජ්ජ උණු වුණාද කියලා දක්කාම මෙයා එක්කන් එන්න පැරිසියට කලුකෝට් ජෙට් එකක්ම ගියත් පුදුම වෙන්න කාරණයක් නොවේ. මේ රට විනාශ කරපු අය හැම වෙලාවේම බේරුවේ මේ අය තමයි...!!
කෝටි 40ක් 50ක් විතර වියදම් කරලා කලුකෝට්, කාකිකෝට් වලට දීලා මේකා ආපහු ඩුබායි පනියි. එච්චර තමයි ඉතින්...
ගේන්න, ගේන්න... අර කලුකෝට් හිටපු සභාපතිට වාසියක් වෙන්නේ නැතෙයි...
බිරින්දෑ විසින් ඔත්තුව ලබා දුන් බව ප්‍රසිද්ධ කිරීම ඇගේ ජීවිතයට තර්ජනයක් නොවන්නේ ද?
ඉගෙනගත යුතු පාඩම... පණ දෙනව කිව්වත් ගැහැණියක විශ්වාස කරන්න බෑ කියල.... ඉඩ ලද විටෙක පාවාදීම....