
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පසුගියදා ගිනිගත් කර්මාන්ත ශාලාවේ යළි ගිනි ගැනීමේ අවදානමක් මතුවූ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
ඒ අනුව ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් කර්මාන්ත ශාලාව අවට පැතිර ගිය බවත් එය පාලනය කිරීමට ගිනි නිවන රථ ගෙන්වා ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය සතියේ ගිනිගත් කර්මාන්තශාලාවේ ගබඩා කර තිබූ ක්ලෝරීන් මතට වැසි ජලය පතිත වීමත් සමඟ මෙසේ දුමාරය හට ගෙන ඇති බවටයි පොලීසිය සැක කරයි.
ශ්‍රී ලංකා පොලීසිය පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ගිනි නිවන භටයින් පැමිණ ගින්නක් හට ගැනීමේ අවධානම පාලනය කරමින් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd