
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුව හෝටලයක වැසිකිලියක කසල බඳුනක තිබී ජීව උණ්ඩ 17 ක් සොයාගත් බව කොටුව පොලිසිය කියයි.
පිරිසිදු කිරීමේ යෙදී සිටි සේවකයන් වැසිකිළිය පිරිසිදු කිරීමට යාමේදී මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුන තුළ තිබෙන අයුරු දැක ආරක්ෂක නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුව ඒ බව දුරකථනය හරහා පොලිසියට දැනුම් දීමෙන් පසු ඒවා සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් භාරයට ගත් එම ජීව උණ්ඩ පරික්ෂා කිරීමේදී නයින් එම් එම් එම් වර්ගයේ ජිව උණ්ඩ බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. කිසියම් පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස මෙම වැසිකිළිය තුළට පැමිණ මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුනට දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකයාට එස් මයුරන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd