(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

නිධානයකින් ලබා ගත් බව කියන පුරාවස්තු  යැයි සැක කරන කලු ගලින් නිර්මාණය කරන ලද විවිධ හැඩයේ තෙල් මුට්ටි ලෙස  හඳුන්වන ලද කැටයම් සහිත  ගල් තුනක් රුපියල් කෝටි 15 කට විකිණීමට සැලසුම් කළ හෝටල් හිමිකරුවකු සහ රාජ්‍ය ආයතනයක සේවකයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

හෝටල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කුරුස හංදිය ප්‍රදේශයේ ඔහුගේ හෝටලයේ දි මෙම තෙල් මුට්ටි තුන සමග බවත් රාජ්‍ය සේවකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සව්සිරිපාය රාජ්‍ය ආයතනයක්තුළදීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ  ස්ථානාධිපතිවරයා  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස සහ මොරටුව පොලිස් වසම් තුළ අපරාධ නිවාරණ  හා දූෂණ මර්දන රාජකාරියේ යෙදි සිටියදී ලද තොරතුරකට අනුව හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.