
( රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් අද (30) උදැසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
වැටුප් පරිපාලක සභාව විසින් තමන්ට වැඩි කළ රුපියල් දහසක දෛනික වැටුප ලබාදිමට වතු පාලන අධිකාරිය විසින් අමු තේ දළු කිලෝ 18 නෙලන ලෙසට බලපැම් කරන බවත්,එසේ අමු තේ දළු කිලෝ 18 නෙලිමට ප්‍රතික්ෂේප කරන වතු කම්කරුවන්ට නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් කිලෝවට රු 40 බැගින් ගෙවිමක් සිදු කරන බව සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවෝ කියති.
වතු පාලන අධිකාරිය තමන්ට පවසන පරිදි අමතර තේ දළු කිලෝ 5 ක් නෙලිය නොහැකි බවත්,දැනට දිනකට නෙලන අමු තේ දළු කිලෝ 13 ට අමතරව තවත් අමු තේ දළු කිලෝ 2 ක් පමණක් නෙලා දිය හැකි බව සත්‍යග්‍රහයේ නියැලි සිටින වතු කම්කරුවෝ කියති.
පවත්නා තත්ත්වය මත දැනට මාස දෙකක කාලයක් තිස්සේ වතු පාලන අධිකාරිය සමග මෙම ගැටළුව පවතින බවත්,එම මාස දෙකේ කාලය තුල තේ දළු කිලෝ 18 ක් නෙලිම ප්‍රතික්ෂේප කිරිම නිසා වතු පාලන අධිකාරිය විසින් තමන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු කිරිම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවද කෙටියාගල වතු යායේ වතු කම්කරුවන් කීවේය.



2025 දෙසැම්බර් මස 30
18
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටියාගල වතුකම්කරුවෝ සත්‍යග්‍රහයක