(ඉන්දිකා  රාමනායක)

නාවික හමුදාව  සහ පොලිසිය  එක්ව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියකදී රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්  සතුව අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ 1යි  ග්‍රෑම් 76 ක ප්‍රමාණයක් තිබී ඇත .

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී  සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (4)  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී   සෙසු සැකකරුවන්, ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් මන්නාරම පොලිසියට බාර දී ඇත.