(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතනයක සේවකයෙකුගේ අතක් එහි යන්ත්‍රයට හිරවීමෙන් අනතුරුව කෝටියක් පමණ වටිනා එම යන්ත්‍රය කපා දමා එම සේවකයාගේ අත බේරා ගෙන තිබේ .
පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අත මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.
පසුව අයිතිකරු සහ අනෙක් සේවකයින් වහාම එම ස්ථානයට පැමිණ ඔහුගේ අත බේරා ගැනීමට යන්ත්‍රය ආපස්සට කැරකවීමට උත්සහ කළ අතර එහි අයිතිකරු වන රූපසිංහ මහතා එයට එකඟ නොවීය.
එයට හේතුව එසේ කළහොත් මෙම සේවකයාගේ අතට තවත් හානි වන බැවිනි.
පසුව වෑල්ඩින්කරුවන් ගෙන්වා කෝටියකට වඩා වටිනාකමක් ඇති මෙම යන්ත්‍රය කපන ලෙස එහි අයිතිකරු විසින් සේවකයින්ට උපදෙස් දුන් අතර මෙත්තානන්ද මහතා විසින් අම්පාර මහා රෝහලේ සේවය කරන වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතාට මේ පිළිබදව දැනුම් දි තිබේ.
තම බිරිද සමග ගමනක් යමින් සිටි වෛද්‍ය ගාල්ලගේ මහතා එම ගමන නවත්වා වහාම එම ආයතනයට ගොස් අම්පාර මහා රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී හංස රාමානායක මහතාට මේ බව දැනුම් දී අතිරේක වෛද්‍ය කන්ඩායමක් එම් ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.
පසුව වෑල්ඩින් කාර්මිකයින් මැෂිම කපන අතරතුර රෝගියාට ප්‍රතිකාර කරමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය සහ හෙද කාර්යය මණ්ඩලය කටයුතු කළහ.
අති නවීන යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රය කැපීමට පැය තුනක කාලයක් පමණ ගිය අතර පසුව රෝගියා වහාම අම්පාර මහා රෝහලට ගෙනයෑමට පිරිස කටයුතු කළහ.
ඒ වෙන විටත් අම්පාර මහා රෝහලේ ශල්‍ය වෛද්‍යය විශේෂඥ ලෝචන කුමාරගම මහතා ඇතුලු පිරිස ශල්‍යාගාරය සුදානම්ව සිටියේ මෙම රෝගියා අම්පාර මහ රෝහලට ගෙන එනතුරුය. රෝගියා රෝහලට ගෙන යෑමෙන් අනතුරුව ඔහුගේ අත ශල්‍යකර්මයකට භාජනය කර වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර මහා රෝහලට යැවිමට කටයුතු කරනු ලැබිය.
දැනට මුණසිංහ නැමැති මෙම සේවකයා මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර කරමින් සිටින් අතර සියලු දෙනාගේ උත්සහයේ ප්‍රථිපලයක් හැටියට එහුගේ අත බේරා ගැනිමට හැකිව තිබේ.
මේ පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා
මට මේ පණ්විඩය ලැබුණ ගමන් ගමනක් යමින් හිටියේ ඒක නවත්වල මම මෙතෙන්ට ආවා. ඇවිත් බලන කොට බරපතල තත්වයක් දැක්කේ මේ ආයතනයේ අයිතිකරු මෙත්තානන්ද මහතා මැෂිම කපල සේවකයා බේරා ගන්න කැමැත්තෙන් හිටියා.
පසුව මම මේ පිළිබදව අපේ වෛද්‍ය අධිකාරී හංස රාමනායක මහතාට දැනුම් දීලා අතිරේක වෛද්‍ය කණ්ඩායමක් ඉක්මනින් ගෙන්වා ගත්තා මම මැෂින් එකේ කෑලි කපන්න උපදෙස් දෙන අතරතුර වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම රෝගියාට ප්‍රථිකාර ලබා දුන්නා.
මේ වැඩේ පහසු එකක් උනේ නැහැ. නමුත් අපි සාර්ථකව මැෂිමට අහුඋන කෙනාගේ අත නොකපා බේරා ගන්න උත්සහය සාර්ථක උනා. මෙතනදි මැෂිම ආපස්සට කැරකුවා නම් ඒ මොහතේම අත ගන්න තිබුන නමුත් තම සේවකයාගේ අතට හානි වෙන නිසා කෝටි ගණනක් වටින මෙම මැෂිම කපන්න මෙත්තානන්ද රූපසිංහ නැමැති අයිතිකරු කැමැත්ත දීම නිසා මේ තත්වයෙන් රෝගියාව බේරා ගන්න හැකි වුණා.ඔහුගේ මානුෂික හැගිම පිලිබදව අපි ස්තුතිවන්ත වෙන්න ඔනි.
අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා
මෙම සිදුවිම උන අවස්ථාවේ මමත් ආයතනය තුළ හිටියා. කෑ ගහන ශබ්දයට මමත් එතැනට දුවගෙන ගියා. යනකොට මුණසිංහගේ අත මැෂිමේ හිරවෙලා. එතකොට මැෂින් නැවැත්තුවා. ඔහු කිව්වා මැෂින් එක රිවස් කරන්න කියලා. මම එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ .මෙයාගේ අත විනාශ වෙන නිසා පසුව අපි මැෂිම කපන්න තීරණය කරා. එ් අවස්ථාවේම වෑල්ඩින් කාර්මික ශිල්පීන්ට එන්න කිව්වා .
ඒ අතරතුර අම්පාර මහ රෝහලේ වෛද්‍ය ගායාන් ගාල්ලගේ මහත්තයාට මම කථා කරා ඒ ගමන්ම මේ ස්ථානයට ආවා කෙටි වේලාවකදි වෛදවරැන් හෙදියන් ඇතුලු ගිලන් රථයක් ආවා. ඇවිත් ලෙඩගේ ජීවිතය බේරගන්න උදව් කරා. මට අවශ්‍යතාවය තිබුනේ මැෂිම බේරගන්න නෙවෙයි. මගේ සේවකයා බේර ගන්න. පැය දෙකක උත්සහයෙන් පස්සේ රෝගියාගේ අත එළියට අරගෙන රෝහලට අරන් ගියා.
මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අම්පාර මහ රෝහලේ ගයාන් ගල්ලගේ මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට කළ මෙහෙය පිළිබදව. දැනට රෝගියා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මම ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා. මේ රෝගියා ගැන බලා එයාගේ අත නොකපා බේර ගන්න උදව් කරන්න. ඒ වෙනුවෙන් මම ඕනෑම උපකාරයක් කරනවා.





වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා

වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න මහතා

අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙත්තානන්ද මහත්මයා වෙත, ඔබ විසින් මෙලොවදීම රැස්කරගන්නා ලද මේ මහා පිනේ මහිමයෙන් ඔබගේ සියලුම කටයුතු මෙන්ම ව්‍යාපාරයද දිනෙන් දින දියුණුවේවා !!! අනතුරට පත් මොහුට ඉක්මන් සුවය පතන්නෙමි. මේ සදහා දායකවුනු සියලුම නිලදරුවන්ට අපගේ ප්‍රණාමය...!!!
ඉතා වටිනා මිනිස්කමට කියන්න වචන නැහැ. ඔබ සියලුම දෙනා නිරෝගී සුවයෙන් වැජබෙන්න ඕනේ. සල්ලිවලට මිනිස්සු මරණ තුච්ඡ සමාජයක මෙවන් අය සිටීම මොන තරම් භාග්‍යයක්ද? මෙත්තානන්ද රූපසිංහ මහතාට ගොඩක් පින්...
අපේ රටේ දෙවිවරු වගේ මිනිසුනුත් ඉන්නවා බොහොම පින් හැමෝටම..
මෙන්න රත්තරන් මිනිස්සු. ඔබතුමාට කෝටියක් එකතුකරලා දුන්නත් පාඩු නෑ මහත්තයෝ....
බල්ලෝ මරලා හරි සල්ලි හොයන තිරිසන්නු, පිළිකා රෝගීන්ගේ බෙහෙතෙනුත් කොමිස් ගහන දේශපාලකයෝ ඉන්න රටක මෙත්තානන්ද රූපසිංහ මහත්තයා වගේ "මිනිස්සු" හරි හිඟයි... ඔබතුමාට අද කෝටියක් නැතිවුනත් සසරපුරා මේ පින ඔබතුමාව ආරක්ෂා කරනවා නියතයි මහත්තයෝ.
එක මැෂිම වෙනුවට තවත් මැෂින් රාශියක් ගැනීමට හැකිවේවා...!
මෙහෙව් ගුණධර්මවලින් පිරුණු මානුෂිකත්වයෙන් හෙබි මහත්වරුන් රටේ ඇගයීමට ලක්කළ යුතුවෙනවා.
ඇත්තටම හිතන්නේවත් බැරි තරම් උසස් මනුෂ්‍යත්වයකින් තිබෙන මහත්මයෙක්...
ශීර්ෂ පාඨය සුරංගනා කතාවක් වගේ...
ඔබට වගේම ඔබ මෙලොවට බිහි කර හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිනෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සම්පත් දැකීමට හේතු වාසනා වේවා..!! ඔබගේ සියලුම කටයුතු මෙන්ම ව්‍යාපාරයද දිනෙන් දින දියුණුවේවා !!!
කියන්න කිසිම දෙයක් නැහැ.. උතුම් මනුස්සයෙක්.. මුදල්වලට යට නොවූ මනුස්සකම ගන අාඩම්බරයි. ලෙඩාට තෙරුවන් සරණයි.. මනුස්සකම, දයාව පිරිච්ච ආයතනයේ හිමිකරු නෙත්තනන්ද මහතාට..අපගේ ප්‍රණාමය.. ඔබට බුදුසරණයි...
ඉතා උතුම් පුණ්‍ය කර්මයක්. තවත් වචන නැහැ කියන්න. රූපසිංග මහතාට හදවතින්ම සුබ පතනවා.
අපේ රටේ දෙවිවරු වගේ වෛද්‍යවරුන් ඉන්නවා. යන ගමන නවතා එම ස්ථානයටම පැමිණි එම පුද්ගලයාග් ජීවිතයද, අතද බේරා ගැනීමට උත්සාහ කිරීම අගේ කළ යුතුයි. ඒ වගේම එම අයිතිකරු සේවකයාගේ අත ගැන සිතා යන්ත්‍රය ගැන නොසලකා හැරීම උතුම් වටිනා පුද්ගලයෙකි.
" මනුස්සකමෙන් ..අන්තයටම පිරිහුණ රටක..තවමත් ' මනුස්සකම ' කොහේ හෝ සැඟවිලා තියෙන බවට හොඳම උදාහරණයක්. මෙත්තානන්ද මහත්මයාටත්, සියලුම වෛද්‍ය වරුන්ටත්, හෙද කාර්ය මණ්ඩලයටත් , බොහෝ පින්.
මෙම මුද්‍රණාලය හිමි මෙත්තානන්ද රූපසිංහ මහතා කර තිබෙන්නේ මහඟු, උදාර පින්කමක්. තමන්ට ආර්ථික පාඩුවක් ලැබුණත් සිය සේවකයාගේ අනාගතය ගැන සලකා මුද්‍රණ යන්ත්‍රය "තාවකාලිකව විනාශ කිරීමටයි" එතුමා එම තීරණය ගත්තේ. මෙවැනි අය අපේ රටේ ඉතාම විරලයි. අති නවින යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රයේ යකඩ දැලක් වැනි "සේවක ආරක්ෂක" උපකරණයක් සවිකර නොතිබුනේ මොකොද? බටහිර රටක නිෂ්පාදිත යන්ත්‍රයක් නම් මෙම ආරක්ෂක උපකරණය අනිවාර්යම කොටසකි. නමුත් එය චීනයෙන් හෝ ඉන්දියාවෙන් ආනයනය කරපු එකක් නම් ඒගැන කතා කරලා වැඩකුත් නැත. එම මුද්‍රණාලයේම සේවකයෙකුට වුවත් පහසුවෙන් නිපදවීමට පුළුවන් යකඩ දැලක් එම යන්ත්‍රයට අතක් හෝ කකුලක් ඇතුළුවීමට ඉඩ ඇති ස්ථානවල සවිකර දීමට මෙම මුද්‍රණාලය හිමි මෙත්තානන්ද රූපසිංහ මහතා කටයුතු කලොත්, අනාගතයේදී වුවද මෙවැනි අනතුරු වලකාගැනීමට පුළුවන් වේයැයි මම සිතමි! අනතුරට පත්වූ සේවක මුණසිංහ මහතාට ඉක්මන් සුව පතන අතර, මුද්‍රණාලය හිමි මෙත්තානන්ද රූපසිංහ මහතා කරගත් මේ මාහැඟි පින්බලයෙන් ඔහුගේ වැඩ කටයුතු ඉතා සාර්ථක වේවායි පතමි!
මේ තමයි නියම සත්පුරුෂ මහත්වරු. රූපසිංහ මහත්මයා රටක් වටින පුද්ගලයෙක් යනු අපට පෙනෙනවා...
මෙත්තානන්ද මහත්මයාණෙනි, උපදින හැම මතුභවයකදී ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා..!!! මෙම භාරධූර කර්තව්‍යයට උරදුන් සියලු වෛද්‍යවරු ඇතුළු සේවක මඩුල්ලට යහපතක්ම ඉෂ්ට සිද්ධ වේවා...!!!
ඔබලා ගැන මට හරිම ආඩම්බරයි.
මෙත්තානන්ද මහතා මේ කල වැඩේට බොහොම පින්. එකක් කිව යුතුයි මවැනි කර්මාන්ත ශාලාවල තිබියයුතු සේවක ආරක්ෂාව පිලිබඳ පිළිපැදිය යුතු "සේෆ්ටි මෙෂර්ස් " කිසිවක් ක්රීයාත්මක වෙන්නේ නැත. එසේම "පළමුව තමාගේ ආරක්ෂාව" යන්න පිලිපදින්නේත් නැත. එම ආරක්ෂක ක්රීයාකාරකම් වලට වැයවෙන්නේ සුලුමුදලකි නමුත් නොකිරීම නිසා වැයවෙන මුදල, මේ සිදු උනාමෙන් කෝටිගණන් වලින්ය.
මෙයින් ඉදිරියට සේවකයින්ට පරීක්ෂාකාරීව වැඩ කටයුතු කිරීමට එවැනි අනතුරු දායක යන්ත්‍ර අසල දැන්වීම් පුවරු සවිකරන්න සේවකයන් සේව්‍යයන් සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව ආයනයේ සිටින පිරිස දැනුවත් කරන්න එවිට අනතුරු යම්තරමකින් වත් අඩු කිරීමට හැකියාව ලැබෙයි.
ඔබගේ සද්ක්‍රියාවේ බලයෙන් රෝගියාත් සුව වී ඔබගේ ව්‍යාපාරයත් දිනෙන් දින දියුණු වේවා!
රත්තරං මිනිහෙක්...
ඉන්ෂුරන්ස් එකෙන් කෝටිය ලබාගෙනීමට හැකිවේවා...!
අනන්තවූ තුණුරුවන් ගුණානුභාවයෙන් අනතුරට ලක්වු සේවක මුණසිංහ මහතාගේ අත නිරුපද්‍රිතව ඉක්මනින් සුවකරගැනීමට හැකිවේ වා..! ඉක්මන් සුවයට පත්වේවා..! ආයතන ප්‍රධානී මෙත්තානන්ද මහතාගේ උතුම් මිනිස් ගුණයේ විපුල ඵලය රෝගියාට ලැබේවා..! ලක්මෑණියන්ගේ අතිජාත පුත්‍රයෙකු බව ක්‍රියාවෙන් පෙන්වා සතුටු කඳුලක් නෙතඟට නන්වා "මෙත්තානන්ද " නමෙහි අර්ථය මේ යැයි ලොවට කියාදුන් පින්වත් මහත්මයණෙනි ඔබතුමාගේ උතුම් ක්‍රියාව ඉතාමත් පරමාදර්ශයි, ප්‍රණාමය වේවා..! වෛද්‍ය ගාල්ලගේ, වෛද්‍ය ප්‍රමිත මහත්වරුන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් ප්‍රණාමය වේවා..! සියලුම දෙනාට බොහෝම පින්. අම්පාර වැනි ප්‍රදේශයකින් මේ පුවත අසන්න ලැබීම ලක්මෑණියට ඉමහත් කීර්තියක්. මෙවන් උදාර දූ පුතුන් බොහෝ පහළවේවා ...! ලොවට ශාන්තියක්වන මෙවන් සුවිශේෂි පුවත් ලොවට හඬගා කියන ලංකාදීප කාර්ය මණ්ඩලටත් ප්‍රණාමය වේවා ..! බොහෝම පින්. තෙරුවන් සරණයි ..!!!
ඔබ මේ රට කන දේශ පාලුවන්ට මහා ආදර්ශයක්. ඔබ තුමා ඉතාමත්ම උසස් ගති ඇති උසස් මනුස්සයෙක්.
නමේ තේරුමට ගැලපෙන උතුම් මිනිසෙකි. ඔබසැමට දීර්ඝායු වේවා...!!!
ලංකා පුත්‍ර. විශේෂ ගනයේ මනුස්ෂයෙක්. මේ වගේ අයට විශ්ෂ සම්මාන දිය යුතුයි.
මිනිස්සු කවුරුත් අතින් අතපසුවීම් වැරදි වෙනවා. මේ මැෂිම ඉතාම නවීන ආරක්ෂාකාරී මැෂිමක්. මෙතන එක කුහකයෙක් ඉන්දියාවේ මැෂින් ගැන පහත් විදියට දාලා තිබුනා. ඉන්දියාව කියන්නේ ලංකාවට වැඩිය දියුණු රටක්. අනෙක අත නිදහස් කරගත්තට පස්සේ රෝහලට ගෙනිච්චේත් ඉන්දියන් ගිලන් රථයකින්. වැල්ඩින් කරුවන් ගෙන්නුවෙත් ඉන්දියන් ත්‍රී වීල් එකකින්. දොස්තර කෙනෙක් ඇවිත් හිටියෙත් ඉන්දියන් කාර් එකකින්. ගෙනාපු බෙහෙත් එහෙමත් ඉන්දියන් බෙහෙත්. අනෙක සමහර වෙලාවට මේ මනුස්සයා උදේට ඉන්දියන් පරිප්පුත් එක්ක පාන් කාලා කාලා වැඩට එන්න ඇත්තෙත් ඉන්දියන් ලේලන්ඩ් බස් එකකින්. ඉතින් එහෙව් එකේ අපේ ලොකු අයියා වෙන ඉන්දියාවට බනින එක බුදු දහමට අනුව හොඳ නැහැ. මෙත්ත මහතාට මගේ උපරිම ගෞරවය සහ පින. යන්තම් හොඳ නිවුස් එකක් පැත්තෙන් දැක්කා. නැත්නම් මේ පින් බිමේ හැමදාම මංකොල්ලකනවා, කොටනවා, කපනවා, දූෂණය කරනවා වෙඩිතියනවා මරනවා වගේ නිවුස් තමයි දකින්න අහන්න ලැබෙන්නේ. සාදු සාදු සාදු, බුදු පිහිටයි ජේසු පිහිටයි, අල්ලාහු පිහිටයි පුල්ලයර් දෙවි පිහිටයි !
නන්දලාල් සිල්වා, බටහිර රටවල තියෙන්නෙත් ඔක්කොම වගේ චීනේ... ඒවානේ මම වැඩකරන්නේ.. ප්‍රංශයේ මුද්‍රණ කොම්පැනියක. මෙහෙ තියෙන්නේ ඔක්කොම චීන මැෂින්...