
(යොහාන් භාසුර)
කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට අද (7) ගෙන තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් එම හෝටලය පවත්වාගෙන යන බවත් එම පුද්ගලයාගේ පියා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වීම නිසා ඔහු ඉපයූ මුදල්වලින් මෙම හෝටලය පවත්වාගෙන යන්නේ යැයි විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්‍ෂ (»») සහකාර පොලිස් අධිකාරී ඒ. කේ. වයි. දහනායක මහතා එහි හිමිකරුට දැනුම්දී තිබේ.
ඒ අනුව එම දේපළ කිසියම් තැනැත්තෙකුට විකිණීම, පැවරීම හෝ වෙනත් ක්‍රියාදාමයක් කිරීම තහනම් බව වැඩි දුරටත් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදාක රැකියාවක් නොකර කුමාර ජීවිත ගතකරන කට්ටියක් ගැන රටම දන්නවා. පැමිණිල්ලක් කළොත් හොයලා බලනවද?
What about Rajapaksha family. Is anyone going to take any action.
ඔය වගේම අයථා ලෙස මුදල් රැස්කර දේශපාලුවන් ගැන විමර්ශණ කෙරුවත් හොඳ නැද්ද?