IMG-LOGO

කෝටියක් යොදා අලුත් කළ හෝටලය සී.අයි.ඩිය භාරයට

(යොහාන් භාසුර)

කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට අද (7) ගෙන තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් එම හෝටලය පවත්වාගෙන යන බවත් එම පුද්ගලයාගේ පියා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වීම නිසා ඔහු ඉපයූ මුදල්වලින් මෙම හෝටලය පවත්වාගෙන යන්නේ යැයි විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්‍ෂ (»») සහකාර පොලිස් අධිකාරී ඒ. කේ. වයි. දහනායක මහතා එහි හිමිකරුට දැනුම්දී තිබේ.

ඒ අනුව එම දේපළ කිසියම් තැනැත්තෙකුට විකිණීම, පැවරීම හෝ වෙනත් ක්‍රියාදාමයක් කිරීම තහනම් බව වැඩි දුරටත් දැනුම් දී තිබේ.  



අදහස් (4)

කෝටියක් යොදා අලුත් කළ හෝටලය සී.අයි.ඩිය භාරයට

Prabha Friday, 07 October 2022 06:54 PM

කිසිදාක රැකියාවක් නොකර කුමාර ජීවිත ගතකරන කට්ටියක් ගැන රටම දන්නවා. පැමිණිල්ලක් කළොත් හොයලා බලනවද?

:       11       105

Pradeep KumaraFriday, 07 October 2022 10:24 PM

අපොයි පැමිණිලි කරන්න එපා. දැනටම රිදුණු කීපදෙනෙක්ම ඉන්නවා වගේ. ඩිස්ලයික් වලින්ම පේනවා.

:       1       10

Vipula Saturday, 08 October 2022 09:24 PM

What about Rajapaksha family. Is anyone going to take any action.

:       0       7

Msae Saturday, 08 October 2022 11:10 PM

ඔය වගේම අයථා ලෙස මුදල් රැස්කර දේශපාලුවන් ගැන විමර්ශණ කෙරුවත් හොඳ නැද්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site