
(සිතුම් චතුරංග)
රුපියල් මිලියන දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 89 යි ග්‍රෑම් 200ක් යතුරු පැදි තුනක පටවා රැගෙනයමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු මුලතිව්, පුදුකුඩිරිප්පු, චලෙයි කොළණිය ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ එකාබද්ධ මෙහෙයුමකදී සැකකරුවන් හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව කියයි.
සැකකරුවන් ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් චලෙයි මුහුදු තීරයට කේරළ ගංජා රැගෙනවිත් ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා රැගෙනයමින් සිටියදී කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් කේරළ ගංජා තොගය ජාවාරම්කරු විසින් මාළු ප්‍රවාහන ලොරි රථවල සඟවා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
සැකකරුවන් මඩකලපුව, උදයාර්කට්ටු හා මුලන්ගිල්ආරු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ත් 44 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවටගත් කේරළ ගංජා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබුණි.
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, පුදුකුඩිරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd