IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටිපතියන්ගේ ධනයට විද්ද රූමතිය ගැන තොරතුරු තව එළියට

(ඉන්දිකා රාමනායක)

කාන්තාවක විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයේ ප්‍රබල දේශපාලකයන් ද කෝටි ගණනක් ආයෝජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි.

හිටපු අමාත්‍යවරයා කෝට 15 ක මුදලක් ද, හිටපු ආණ්ඩුකාරවරයකු කෝටි 10 ක් එම මූල්‍ය ආයතනයේ අයෝජනය කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

හිටපු ආණ්ඩුකාරවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, හිටපු අමාත්‍යවරයාගෙන් මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර දිවයිනේ ප්‍රසිද්ධි භික්ෂුන් වහන්සේ නමක් ද රුපියල් රුපියල් කෝටි 3 ක පමණ විටිනා සුභෝපභෝගි මෝටර් රථයක් ආයෝජනය සදහා මෙම සැකකාරියට ලබා දී ඇති බවත්, සැකකාරිය එම මොටර් රථය අලෙවි කර ඇතත් හිමිනමට මුදල් ලබා දී නොමැති බවද වාර්තා වේ.

කෝටි ගණනක් මුදල ආයෝජනය කර පුද්ගලයන්ට ප්‍රතිලාභ නොගෙවී නිසා පිරිස් එම කාන්තාවකගෙන් මුදල් ඉල්ලූ විට එම පුද්ගලයන් සමග ප්‍රසිද්ධ නිළියක් දුරකනයෙන් ලිංගික  කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට  මුදල් ඉල්ලා එන අය බියවද්දවා  තර්ජනය කර ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිළිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (16)

කෝටිපතියන්ගේ ධනයට විද්ද රූමතිය ගැන තොරතුරු තව එළියට

Akila Saturday, 08 October 2022 09:09 AM

කරුණාකරලා ඔය හිටපු අමත්‍යවරයාගේ නම රටටම හෙළිකරලා ඔච්චර විශාල මුදලක් හම්බ කරපු හැටි ගැන විමර්ශනයක් කරන්න...

:       0       82

Prabha Saturday, 08 October 2022 10:14 AM

ඒ ගමන්ම ඒ මුදල් උපයාගත් විදිහත් සොයමු...

:       2       52

saliya Saturday, 08 October 2022 10:49 AM

නොගෙවන ආදායම් බදු අපූරුවට එකතු කරගෙන...

:       0       50

Rohan Saturday, 08 October 2022 11:58 AM

මේ සෑම දෙනෙක්ම වංචා සහගත ලෙස හම්බ කරපු මුදල් මේ වගේ හොර ගෑණුන්ට දෙන්නේ ... හොර සල්ලි නිසයි, බැංකුවල නොදමා මුදල් මෙහි ආයෝජනය කරලා තියෙන්නේ... මේවාට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් වගකියන්න ඕනේ... කළ කම් පළ දේ කියා ඇයව හිරේ යවා.. මුදල් ටික රාජසන්තක කරන්න.

:       0       41

KULE Saturday, 08 October 2022 12:41 PM

ඔය කෝටි ගණන් මුදල් තැන්පත් කළ අය ඒ මුදල් උපයාගත් ආකාරයත් සොයාබැලුවොත් හොඳයි නේද?

:       1       38

Prabha Saturday, 08 October 2022 01:34 PM

දුක් මහන්සියෙන් හම්බ කළා නම් ඔහොම ඒවට ගියාට ආයෝජනය කරයිද?

:       1       37

Sk Saturday, 08 October 2022 03:13 PM

මේකට සල්ලි දාපු අය දැක්කාම මේ ගොල්ලෝ සිස්ටම් චේන්ජ් කරන්න දැඟලුවා නේද කියලා හිතනකොට අපි ගැනම දුකයි.

:       2       25

ganegoda Saturday, 08 October 2022 03:51 PM

කෝටිපතියෙක් වීමට පෙර ‘‘ලිංගික මානසික අසහනයට‘‘ ප්‍රතිකාර ලබාගෙන හිටියා නම් මේ අලාභ විඳින්න සිද්ද වෙන්නේ නැහැ...!

:       0       21

වංචාලතා Saturday, 08 October 2022 04:29 PM

අපේ රටේ කෙළවීමේ සතර පෙරනිමිති... කොහේ බැලුවත් චූදිත සෙට් එකට මෙයාලා ඉන්නවා.

:       0       21

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 08 October 2022 06:38 PM

හිටපු අමාත්‍ය ජීවන්, රන්ජන් සහ හිටපු ආණ්ඩුකාර අසාඩ් සාලි... නිළිය දමිතා, යුරේනි නෝෂිකා දැන් හරිද? එයාලා ඔක්කොම යාලුවන් මල්ලී...!

:       2       49

VeereSaturday, 08 October 2022 07:03 PM

අමතකද සංගීතේ..?

:       1       28

Kamal Saturday, 08 October 2022 09:26 PM

හම සුදුනම් ඕන තාර පීප්පයක් ලංකාවෙ මිනිසුන්ට රූමතියක්.

:       0       1

Sahara perera Sunday, 09 October 2022 04:51 AM

දේශපාලකයන්ගේ සල්ලි කියන්නේ බොහෝ විට රටේ මුදල් කියා ලංකාවේ කවුරුත් පිළිගන්න දෙයක් නිසා ඒ ගොල්ලොන්ගේ කතා අදාලම නැහැ. තමන් ගේ දහිරියෙන් හම්බ කරපු අය ගේ සල්ලි තමයි පව්. හාමදුරුවන්ට බුදු දහමට අනුව බහු භාණ්ඩික භික්ෂූන් ලෙසින් ජීවත් වීම කරන්න බැහැ. ඒ නිසා හාමුදුරුවන්ට එහෙම සුඛෝපභෝගී දේවල් පරිහරණය කරන් බැහැ. මේක දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන කියලා හිතන් ද ඔහොම වාහාන පාවිච්චි කරන්නේ. භික්ෂුවක් කියන්නවත් එපා ඔහොම මිනිස්සුන්ට.ආගමත් විනාශ කරන්න සමාන්‍ය මිනිස්සු කොහොම වුණත් පිරිමින්ගේ තියන වනචර කමට හොඳ දඬුවමක්.

:       1       0

dama Sunday, 09 October 2022 05:21 AM

අදායම් බදු හැම රෙද්දක් ම දුප්පත් අපිට විතරයි අර පරයා රට කැවා හොරු බොකලා කලකන්නි රජපකස්සයා.

:       0       5

Nimal Sunday, 09 October 2022 06:47 AM

මොනවා උනත් ඇමතියෙක්ට ගේමක් දීලා තියන එක ගැන සතුටුයි

:       0       3

fairoos Sunday, 09 October 2022 12:33 PM

හොරා කාපු සල්ලිනේ හොඳ වැඩේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site