
(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂක අඩුපාඩු සහ දුර්වලතා පිළිබඳ සොයා බැලීමේ නිරීක්‍ෂණයක් අද පැවැත්විණි.
එම නිරීක්ෂණය පැවැත්වුණේ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොත්තා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් වු විශේෂ සමාලෝචන සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණි.
හදුනාගත් අඩු පාඩු අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල , පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරු සහ ගුවන්තොටුපළ ප්‍රධානීහු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd